Rss Feed
  1. කොහොමද කට්ටියටම? මේ දවස් වල මම පෝස්ට් දාන්නෙ නැති එකට සමා වෙන්න ඕන. මේ දවස් වල විභාග එහෙම වැහි වැහැල තියෙන නිසා කොම්පීතරේ පැත්තෙ එන්න වෙන්නෙත් නැති ගානයි. පොඩි විවේකයක් ලැබුන ගමන් අර ඊබේ බඩු විකිනීම ගැන ලියපු ලිපි ටික සම්පූර්ණ කරන්නම්.

    මේ පෝස්ට් එක දැම්මෙ මම ගත්ත අලුත් භාණ්ඩයක් ගැන කියන්න. ඒ තමයි Android Tablet එකක්. විශේෂයෙන්ම කියන්න ඕන මම මේක ගන්න අතින් සත පහක්වත් වියදම් කලේ නෑ. මේක ගන්න ඕනකරන සම්පූර්න මුදල (ගෙවපු Tax ඇරෙන්න) මම හොයාගත්තෙ ඊබේ හරහාම විකිනූ භාණ්ඩවලින් ලැබූ ලාබයෙන් විතරයි. මේකෙ මිල Shipping නැතුව USD 186. EMS හරහා Shipping එක්ක ඔක්කොම USD 206. ටැක්ස් විදියට හරිනම් රු.1600ක් ගෙවන්න ඕන. ඒවුනාට ගෙව්වෙ රු. 400ක් විතරයි. :) (මොකද කියල හිතාගන්න පුලුවන්නෙ :D )





    මේ තියෙන්න ආව කවරෙ සහ ඔක්කොම Unbox කලාට පස්සෙ පින්තූර. (මේව ගත්තට මට තාම කැමරාවක් නෑ. මේ පින්තූර දෙකත් ගත්තෙ යාලුවෙක්ගෙ Cam එකකින්.) ඔය Pen Drive එකක් තියල තියෙන්නේ ප්‍රමානය ගැන හිතාගන්න. නැතුව Pen එකක් ආවෙ නෑ. :D


    දැන් බලමු මේකෙ විස්තර ටිකක්.

    Specifications :-
    OS : Google Android 2.2 Froyo (Upgradable to Android 2.3)
    CPU : 1 Ghz InfoTM X220 Single core
    RAM : 512MB DDRII (Upgradable to 1GB)
    Internal Menory : 4GB
    GPS : Yes
    Market Support : Yes
    Accelerometer (Gravity Sensor ) : Yes ( Turning 4-Side )
    Networking : Wifi 802.11 b/g
                      Ethernet
                      External 3G Dongle
    Screen : 10.2" Multi-Touch, Resistive Touch
    Speakers :  Internal Stereo Speakers

    I/O Ports :-
    2 x USB 2.0
    1 x HDMI Out
    1 x Ethernet RJ45
    1 x 3.5mm Headphone Jack
    1 x Micro SD Card Slot (Support up to 32GB)
    1 x Slot for a GPS Antenna

    මම මේකට දැනට දාල තියෙන ඇප්ස් :-
    Google Maps
    Google Latitude
    Google Earth
    Google Talk
    Google Goggles
    Google Buzz
    Gmail
    Youtube
    Facebook
    Realcalc
    Meridian ( Media Player එකක් )
    Skype

    මේ තියෙන්නෙ ගත්ත Screenshots ටිකක්.
    (විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න)




    Skype






         Calculator (RealCalc)




    Google Latitude & Maps ( Navigation )
    මගේ ගෙදර ඉඳන් Richmond එකට යන්න තමයි Directions දීල තියෙන්නෙ.






    Desktop


    Music


    File Manager ( Astro )

    මගේ විකාර ලීවීමේ ශෛලිය ගැන සමා වෙන්න ඕන. ඒවුනාට මම තාම ඉගෙනගන්නෙ 9 වසරේ. ඒ නිසා මගෙ බ්ලොග් එකෙ වැරදි එහෙම තියෙනවනම් ඒව මට කියන්න. කමෙන්ට්ස් එහෙම තියෙනවනම් යටින් දාන්න.





    |


  2. 18 comments:

    1. Lakmal said...

      ෂා..... නියම බඩ්ඩක්නෙ...... අපිට මේක මෙහෙන් ගන්නවනම් කීයක් විතර වෙනවද මචන්

    2. Anonymous said...

      what are the supported huawei model

    3. @Lakmal
      මම නම් මේහේ ටැබ්ලට්ස් තියෙද කියලවත් හරියට දන්නෙ නෑ. Etisalat එකෙන් නම් Huawei Ideos Tablet S7 එකක් රු 26000කට දෙනවයි කියනවා. හරි විස්තරයක් දන්නෙ නෑ. මගෙ බ්ලොග් එකට ආවට ස්තූතියි.

      @Anonymous
      I can't understand what you are trying to say. Please explain the matter. Thanks for visiting my blog.

    4. සුබ පැතුම් මල්ලි

    5. Chiran said...

      එල එල,දකුණෙ මලයකෙනෙක් දියුනුවෙනව දකින්න ලැබීමත් සතුටක්...

    6. Anonymous said...

      මල්ලි අපිත් ගාල්ලේ තමයි.. සතුටුයි 9 වසරේ කොල්ලෙක් මේ වගේ වැඩක් කරාට. තව තවත් දියුණු වන්න .. අපෙන් සුභ පැතුම්.

    7. @මෝල්ඩර් ෆයිල්ස්
      මගේ බ්ලොග් එකට ආවට ගොඩක් ස්තූතියි!

      @Chiran
      කොමෙන්ටුවට ස්තූතියි!

      @Anonymous
      සුබ පැතුවට ස්තූතියි! දිගටම බ්ලොග් එක්ක ඉන්න.

    8. Anonymous said...

      mallio Ebay badu Wikunana Widiya ikmanatama dannoko.Apith Asaine hehe

      Gud luk kolla..

    9. මමත් මුලින්ම මෙයින් එකක් ගන්න හදල වැඩේ නැවත්තුව, මල්ලී කියන්න පුලුවන්ද ටැක් ගෙව්වේ කොහෙටද? ගාල්ලෙ තැපැල්කන්තෝරුවටම ආවද වගේ විස්තර ටිකක්

    10. @Anonymous
      හරි, පුලුවන් තරම් ඉකමනට ඊළඟ පෝස්ට් එක දාන්නම්. මගේ බ්ලොග් එක පැත්තෙ ආවට ස්තූතියි.

      @Lasindu Nadishan | Admin - www.Slbloggs.com
      ටැක්ස් ගෙව්වෙ ගාල්ලෙ Main PO එකට. පාර්සල් එකත් තිබුනෙ එතනම තමයි. ටැක්ස් ගෙව්ව ගමන් අරන් ගියා.

    11. සුබ පැතුම් මචං .. බොක්කෙන්ම සුබ පැතුම් ..මේකෙන් ගන්න පුලුවන් වැඩ ගැනත් අපි විස්තර තව දැනගන්න ආසාවෙන් ඉන්නේ .

    12. සෙලර් ගේ ලින්ක් එක දෙනවද මල්ලී..
      සුබ පැතුම්....!!!

    13. Anonymous said...

      Oya monawada wikunanne? Give me your ebay username..

    14. Entertainer said...

      අම්මපා බං උඹ 9ද? උඹ කරන්නේ අපිවත් කරන්නේ නැති වැඩනේ බං. මම 11 වසරේ. මමත් බ්ලොග් පටන්ගත්තේ උ‍ඹගේ වයසෙදිම තමා. මගේ බ්ලොග් එකටත් ඇවිත් බලන්න මගේ ජිල්මාට් ගැන. www.entertainersbook.co.cc

    15. මමත් ගියේ රිච්මන්ඩ් විද්‍යාලයටම තමයි. සුභ පැතුම්! ඒ වගේම දැන අදුන ගන්න ලැබීම ගැනත් සතුටුයි...

    16. මේකෙ brand එක මොකක්ද මල්ලි?

    17. Sri Lanka said...

      MEE TAB AKE LINK AKA THIYEDA ?

    18. tharanga said...

      මේකෙ External 3G Dongle support කරනවා කියල තියනව පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහොමද Huawei 7.2Mbps dongle එකකින් net යන්නෙ කියල

    Post a Comment