Rss Feed
  1. පරණ ලිපි කියෙව්වෙ නැද්ද?

    E-BAY හරහා භාණ්ඩ විකිනීම 1
    E-BAY හරහා භාණ්ඩ විකිනීම 2
    E-BAY හරහා භාණ්ඩ විකිනීම 3

    කොහොමද  කට්ටියටම? අද ඊබේ ගැන ඊළඟ ලිපිය.. ඔන්න කෙලින්ම ටොපික් එකට බැස්සා.
    -----------------------------------------------------------------------------------------------

    දැන් අපිට Verify කරන ලද ඊබේ ගිණුමක් සහ පේපැල් ගිණුමක් තියෙනවා. දැන් තියෙන්නේ මොනවහරි විකුනන්න තමයි. ඊබේ හරහා බඩු විකුණන්න තියෙන ලේසිම ක්‍රමේ Droship කිරිල්ල තමයි. Dropship කරන්නනම් ඒකට අපි හොඳ බඩු තියෙන වෙන විශ්වාසවන්ත වෙබ් අඩවියක් හෝ කිහිපයක් පාවිච්චි කරන්න ඕන. මේ තියෙන්නේ මම භාවිතා කරන වෙබ් අඩවි. (Dropship ගැන දන්නෙ නැත්නම් පළවෙනි ලිපිය බලන්න)

    buyincoins.com
    dealextreme.com
    chinagrabber.com

    මම දැන් විකුණන්න හදන්නේ මේ ලින්ක් එකේ තියෙන Card Reader එක.
    http://www.buyincoins.com/details/usb-2-0-microsd-t-flash-tf-m2-memory-card-reader-product-168.html


    -----------------------------------------------------------------------------------------------


    ඉස්සෙල්ලම තමන්ගේ ඊබේ ගිණුමට ලොග් වෙන්න. දැන් උඩ කෙළවරේ තියන Sell මෙනුව යටතේ තියෙන Sell an Item වලට යන්න. දැන් එන පිටුවෙ තියෙන List Your Item කියන එකට යන්න


     --


    දැන් අපි විකුණන්න හදන භාණ්ඩය සඳහා Category එකක් තෝරල දෙන්න ඕන. ඒකට තමන් විකුණන්න හදන භාණ්ඩයට අදාල Keywords ටිකක් දීල Search බට්න් එක ක්ලික් කරන්න. එතකොට තමන් දුන්න Keywords වලට අදාල Categories ලිස්ට් එකක් ලැබේවි. එතනින් එක Category එකක් තෝරන්න. (මෙතන අපිට Categories දෙකක් වුනත් දෙන්න පුලුවන්. නමුත් දෙවන එක සඳහා ඊබේ මඟින් මුදල් අයකරනවා)


    --




    දැන් අහනවා අපි ලිස්ට් කරන්න කැමති මොන විදියටද කියලා. මම මෙතනදි දෙනවා Simple විදියට.දැන් එන පේජ් එකේ තමයි අපි විකුණන භාණ්ඩයට අදාල සියලුව විස්තර ලබාදෙන්න ඕන. අපි මේ විස්තර එකින් එක බලමු.



    -----------------------------------------------------------------------------------------------


    1) Create a descriptive title for your item
    මෙතන අපි භාන්ඩයට Title එකක් ලබා දෙන්න ඕන. කවුරු හරි ඊබේ එකේ Search කරන කොට මුලින්ම පේන්නේ අපි මෙතන ලබාදෙන Title එක.මෙතනදි වඩා වැදගත් වෙන්නේ අපි විකුණන භාණ්ඩයට අදාල Keywords ගොඩක් ලබා දෙන එක. භාණ්ඩයේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවනම් ඒකත් මෙතන්ට ලබා දෙන එක හොඳයි.මම මෙතන්ට දාන්නේ 

    USB 2.0 MicroSD T-Flash TF M2 Memory Card Reader කියලා.


    බලන්න ඒ Title එකේ Keywords කීයක් තියෙනවද කියල?


    2) Bring your item to life with pictures
    දැන් අපි භාණ්ඩයේ පින්තූරයක් අප්ලෝඩ් කරන්න ඕන. මෙතන්ට Upload කරන පළවෙනි පින්තූරය සඳහා ඊබේ එක කිසිදි මුදලක් අය කරන්නෙ නෑ. ඉන් පසුව ඇතුලත් කරන සෑම පින්තූරයකටම $0.15 ක් අය කරනවා. මේ Fee එක අපි අපෙ භාණ්ඩය විකිණුනත් නැතත් ගෙවිය යුතුයි. ඒ නිසා මෙතන්ට එක පින්තූරයක් විතරක් ඇතුලත් කරන එක වඩා හොඳයි.මෙතන්ට ඇතුලත් කරන පින්තූරයේ Watermarks නැතිවීම හොඳයි.
    උදාහරණයක් විදියට මම පහල දීල තියෙන පින්තූර දෙක දිහා බලන්න. ඒවයින් පළවෙනි එකේ Buyincoins කියල Watermark එකක් තියෙනවා. දෙවෙනි එකේ එහෙම එකක් නෑ. ඔය දෙකෙන් වඩා හොඳ දෙවෙනි පින්තූරය දාන එක. නැතිනම් අපේ පාරිභෝගිකයා දැනගන්නවා අපි කරන්නේ Dropshipping කියලා.

    Watermarks -



    Upload කිරීම -
    --



    3) Describe the item you're selling
    මෙතන්ට අපේ භාණ්ඩයේ විස්තර ලබාදිය යුතුයි. මේ කොටස අපි විකුණන භාණ්ඩයේ ස්වභාවය අනුව වෙනස්වෙනවා. මේ පින්තූරයේ තියෙන්නේ Card Readers සඳහා එන විදිය.



    Item Condition - අලුත්ද? පාවිච්චි කරලද? etc.

    Brand - නිශ්පාදනය කරන ලද සමාගම (චයිනීස් ඒවට නම් මේක හිස් තියනවට වඩා හොඳයි Remove කරන එක.)

    Supported Format - මේක Card Readers සඳහා පමණක් එන එකක්. මෙතන්ට දෙන්න ඕන Card Reader එක Support කරන කාඩ් වර්ග.

    Enclosure - එක්ස්ටර්නල් ද? ඉන්ටර්නල් ද?

    Interface - USBද? SATAද? etc.

    දැන් පල්ලෙහයින් තියෙනව නේද Box එකක්? එතන අපිට අපේ භාණ්ඩය ගැන ඕන දෙයක් දාන්න පුලුවන්. හැබැයි එතන තියෙන Formatting Tools නම් එච්චර ප්‍රයෝජනවත් නෑ. ඒ හින්දා වඩා හොඳයි Word වල වගේ Edit කරල එතනින් Paste කළානම්.


    4) Set a price and shipping details
    මෙතන අපේ භාණ්ඩය යවන්න කැමති රටවල් සහ ඒවාට අදාල Shipping Fees සඳහන් කරන්න පුලුවන්. Dropship කරනවනම් මෙතන Worldwide Economy Int'l Shipping දාල Cost එක $0.00 ට දාන්න. ඕනනම් තව Field එකක Worldwide Standard Int'l Shipping දාල Cost එක $2.00 වගේ තියන්න.ඔතන ඔය Handling Time කියල තියෙන්නේ Customer භාණ්ඩය ගත්තට පස්සෙ අපිට ඒක තැපැල් කරන්න යන කාලය. Dropship කරනවනම් මේක 4 Days වගේ තියන්න. (අපිට Dropship සයිට් එකින් Order කරන්න 1 දවසයි. ඒගොල්ලන්ට තැපැල් කරන්න දවස් 3 යි)



    5) Decide how you'd like to be paid
    මෙතන තමන්ගේ Verify කරගත්ත පේපැල් ලිපිනය දාන්න. දෙපාරක් නෙවී තුන්පාරක් චෙක් කරන්න. ඊට යටින් තියෙන ටික් එක Enable කරන්න.




    -----------------------------------------------------------------------------------------------



     මේ තියෙන්නේ සම්පූර්ණ කරන ලද Listing එක.


    දැන් සියල්ල සම්පූර්නයි. තවත් පාරක් ඔක්කොම විස්තර හරිද බලලා යටින් තියෙන Save & Preview බට්න් එක ක්ලික් කරන්න. දැන් එන පිටුවේ අපිට අපේ Listing එක සඳහා යන වියදම බලාගන්න පුලුවන්.(මේ Listing එකේ නම් ඇතුලත් කිරීමට යන වියදම $0.00) ඊට යටින් අපිට අපේ Listing එකේ Preview එකක් බලාගන්න පුලුවන්. ඊටත් යටින් අපිට අපේ Listing එක Search Results වල පේන විදිය බලාගන්න පුලුවන්.අපේ අතින් මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවනම් Edit Listing බට්න් එක මඟින් නැවතත් කලින් හිටිය පිටුවට යන්න පුලුවන්.

    මේ තියෙන්නේ අපි දැන් List කරපු Card Reader එක Search Results වල පේන විදිය.


    සියලු දේ නිවැරදිනම් List Your Item බට්න් එක ක්ලික් කරන්න.




    දැන් අපි එනවා Success Page එකකට. මෙතනින් අපිට අපේ භාණ්ඩය වගේ තවත් එකක් විකුණන්න හරි, වෙනත් බඩුවක් විකුණන්න හරි, මේ බඩුව Track කරන්න හරි පුලුවන්.


    මේ තියෙන්නේ අපි දැන් List කරපු Card Reader එක All Selling කොටසේ පේන විදිය.


    මේ තියෙන්නේ අපේ සම්පූර්ණ Listing එක Screenshot එකක්


    දැන් අපේ Listing එක ඕන කෙනෙක්ට බලන්න සහ Bid කරන්න පුලුවන්. කව්රුහරි මේක මිලදී ගත්තාම කරන්න ඕන දේවල් මීළඟ කොටසින් බලමු. මෙතෙක් දේවල්වල මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න.
    |


  2. 19 comments:

    1. Anonymous said...

      iPlus: Grete Post. many thanks!

    2. Anonymous said...

      Elakiri Lipiyak nea...dhigatama liyamu..
      Thanks

    3. @Iplus
      Thanks for the comment.

      @Anonymous
      කොමෙන්ටුවට බොහෝම ස්තූතියි. දිගටම මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න.

    4. Nuwanga said...

      Hello adiyo,
      Is this the post that you told me today ?

    5. එල එල තව පොස්ට් එකක් ඉක්ක්මනට දාන්න

    6. @Nuwanga
      Yes

      @මෝල්ඩර් ෆයිල්ස්
      ලියන්න වෙලාවක් ලැබුණ ගමන් ඊළඟ පෝස්ට් එකත් දාන්නම්!

    7. Lakmal said...

      ගොඩක් වටින ලිපියක්. අපි විකුනන භාන්ඩයේ මිල තීරනය කරනකොට එම භාන්ඩය අපි ගන්න තැන (buyincoins.com) තියන වටිනාකමට අපේ ලාභය එකතු කරන්න ඕනි නේද? ඒක තීරනය කරන්නෙ කොහොමද?

    8. @Lakmal
      ඒ ප්‍රශ්නෙ බොහොම වැදගත්. මම ඉස්සෙල්ලම විකුණන කොට ඔය ලාභය ගැන හිතන්නෙ නැතුව ඉඳල අලාබත් වුනා. ඒක තීරණය වෙන්න ඊබේල සහ පේපැල්ල අයකරන ගාස්තු අනුවයි. ඊබේ එක උපරිම වශයෙන් භාණ්ඩයේ සම්පූර්ණ මිලෙන් 9% ක් අයකරගන්නව ගාස්තුව වශයෙන්. පේපැල්ල 3%ක් අය කරගන්නවා Transaction Fees විදියට. එතකොට අපි සම්පූර්ණ මිල බලන්න ඕන මේ විදියට,

      ------------------------------------------------------
      මිලදී ගන්නා මිල + ඒ මිලෙන් 12% + අපට අවශ්‍ය ලාබය = අවසාන මිල |
      ------------------------------------------------------

    9. Entertainer said...

      එතකොට අපට E-bay buyer කෙනෙක්ගෙන් මුදල් ලැබුනට පස්සෙද අපි අර උඩින් දාලා තිබෙන සයිට් වලට මුදල් ගෙවන්නේ අපේ item එක ship කරන්න. එතකොට අපේ listing එක අතරතුරේදි අර උඩින් දාලා තිබෙන සයිට් එකේ අපි ලිස්ට් කරලා තිබෙන භාණ්ඩය ඉවර වුනොත් මොකද වෙන්නේ? අනික ඒ සයිට් එකෙන් ship කලේ නැතිනම්.

    10. @Entertainer
      අපේ Item එක විකිනුනොත් ඊබේ එකෙන් අපිට කෙලින්ම සල්ලි එවනව පේපැල් එකට. ඊට පස්සේ අපිට ඒ සල්ලිවලින් පුලුවන් Dropshipping සයිට් එකට ගෙවන්න. Dropshipping එකේ විශ්වාසවන්ත භාවය මත තමයි ඔක්කොම තීරණය වෙන්නේ. ඒ වුනාට සාමාන්‍යයෙන් එහෙම අවුලක් යන්නේ නෑ. එහෙම ලෙඩක් ගියොත් පේපැල් වල Resolution Center එකට කියන්න පුලුවන්. මගේ බ්ලොග් එකට ආවට ස්තූතියි!

    11. chinthaka said...

      මල්ලී ,ඔයා කියලා තියනවා ebay account එක විදෙස් රටක විදියට හදන එක හොදයි කියලා.ඒත් ලිස්ට් කරද්දී හෝ ගිනුම හදද්දීම phone number එකෙන් එයාල වෙරිෆයි කරන්න කියනවා නේද?එතකොට මොකද කරන්නේ?

    12. Anonymous said...

      eBay 1 vdiya .buyincoins.com 1 budu godak labadha.

    13. Entertainer said...

      අපිට අර www.vcc-market.com සයිට් එක විශ්වාස කරන්න පුළුවන්ද? නැත්නම් $8 අහක යයිද?

    14. Anonymous said...

      නුවන්
      මචං භාන්ඩ වල ල්ල තිරනය කරන්නේ
      (මිලදී ගන්නා මිල + ඒ මිලෙන් 12% + අපට අවශ්‍ය ලාබය) = අවසාන මිල

      නැති නම්
      (මිලදී ගන්නා මිල + අපට අවශ්‍ය ලාබය) ඒ මිලෙන් 12% = අවසාන මිල
      මේ දෙකෙන් කෝකද
      භාන්ඩයෙ මිලෙන් 12% කියන්නෙ අපි සේල් කරන්න දාන මිලද.
      අපි හිටමු අපි භාන්ඩය ගත්තෙ 5$ කියලා අපිට ඕන ලාබය 1$ කියලා
      අපි ඊබේ 1 සෙල් කරන මිල දාන්නේ
      1 (5+5%12+1)$

      2 (5+1)%12 ද

    15. me yawana badu shipping karanne kohomada ekata loku ganak yanawada

    16. Anonymous said...

      Do simple data entry and earn easy money.Elite site. Minimum cash out $5.
      Just visit http://adf.ly/4YJhe

    17. Uditha said...

      u have given us a valuable experience of e-bay , all the best

    18. ela ela niyamaii..........
      onna mama copy karala Ms word walatatt da gatta gedara gihin keyavala balanna ....
      degatama liyanna .....
      thanks........
      Jayaveva..................!
      ubata jayen jaya.................!

    19. Anonymous said...

      It's not my first time to pay a quick visit this site, i am browsing this web site dailly and obtain good information from here all the time.
      Also visit my web blog : how to make apps

    Post a Comment