Rss Feed
  1. කොහොමද ඉතින් කස්ටියට? මේ තියෙන්නේ මම ඊබේ ගැන ලියන දෙවෙනි ලිපිය. පළවෙනි එක හැමෝම බලන්න ඇති කියල හිතනවා. බලල නැති අය ඉන්නවනම් මේ සබැඳියට ගිහින් බලාගන්න පුලුවන්.

    ලිපිය ලියන්න කලින් ඔයගොල්ලො අහල තිබුන ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න ඕන. ඉස්සෙල්ලම ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුන මේ හරහා අපි උපයන මුදල ශ්‍රී ලංකාවට ගෙන්නගන්න විදිය ගැන.
    මේ මුදල ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න නම් අපිට මෙහේ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන්න ඕන. ඊට පස්සෙ Fastspring හෝ 2Checkout වැනි වෙබ් අඩවියක ආධාරයෙන් එම මුදල මේහේ ගිණුමට මාරුකරන්න පුලුවන්. එහෙම නැත්නම් ඒ උපයන මුදල ආධාරයෙන් අපිට E-Bay හෝ වෙනත් භාණ්ඩ විකුණන වෙබ් අඩවියක බඩු ගන්න පුලුවන්.

    ඊට පස්සේ තවත් අය අහල තිබුන පේපැල් ගිණුම වෙන රටක ( UK, USA ) විදියට හැදුවම එම ගිණුම සත්‍යාපනය ( Verify ) නොකර ගනුදෙනු කිරීම ගැන. ඒක වෙන්න මෙහෙමයි,
    අපිට වෙන රටක විදියට පේපැල් ගිණුම හැදුවම ඒක සත්‍යාපනය නොකර පෞද්ගලික ගණුදෙණු කරන්න පුලුවන්, ඒ වුනාට එහෙම ගිණුම් හරහා අපිට මොනවත් විකුණන්න බෑ.

    ----------------------------------------------------------------------------------------------------------

    හරි දැන් අපි මාතෘකාවට බහිමු.
    මම අද ලිපියෙන් කථාකරන්න බලාපොරොත්තු වෙන්නේ පේපැල් ගිණුම සත්‍යාපනය කිරීම ගැනයි.

    පේපැල් ගිණුම සත්‍යාපනය කිරීම සඳහා අපිට අතථ්‍ය ණය කාඩ්පතක් ( Virtual Credit Card - VCC ) යොදාගැනීමට සිදුවෙනවා. මේවා විකුණන වෙබ් අඩවි ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා. මේ තියෙන්නේ ඒවා කීපයක්.

    http://www.paypalvcc.com/
    http://www.buyvcconline.com/VCC-for-paypal
    http://vccorder.com/paypal_vcc-pp29591.html

    වැදගත් : මම මේ අඩවි වල විශ්වසනීයත්වය ගැන කියන්න දන්නේ නෑ. මම පෞද්ගලිකව භාවිතා කරල තියෙන්නේ මේ අඩවිය ( VCC-MARKET ) විතරයි.

    මේ ඕන එකක්ට ගිහින් පේපැල් සත්‍යාපනය සඳහා භාවිතා කරන VCC එකක් ගන්න ඕන. මේ වෙබ් අඩවිවලට බොහෝ වෙලාවට ගෙවීම් සිදුකරන්න වෙන්නේ ඇලට්පේ හරහා. ඒකෙ රෙජිස්ටර් වෙලා නැති අය මෙතනින් යන්න. ඇලට්පේ ගිණුමට වුනත් අපේ සම්පත් වෙබ් කාඩ් එක සම්බන්ධ කරන්න පුලුවන්.

    ------------------------------------------------------------------------------------------------------------

    කාඩ් එක මිලදී ගත්තට පස්සේ ටික වෙලාවකින් ඒගොල්ලො අපට අපේ කාඩ් එකේ විස්තර කියල E-Mail එකක් එවනවා. අපි ඒ විස්තර දාල කාඩ් එක පේපැල් වලට කාඩ් එක සම්බන්ධ කරන්න ඕන.
    ( කාඩ් එකක් පේපැල් වලට සම්බන්ධ කරන්න දන්නැති අය මෙතනින් ගිහින් බලන්න. ඒ ලිපියෙ තියෙන විදියටමයි කරන්න ඕන. පොඩි වෙනසකට තියෙන්නේ කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දෙන්නේ නෑ. ඒ වෙනුවට ඒගොල්ලො එවන E-Mail එකට Reply කරන්න ඕන Confirm Code එක ඉල්ලලා.)

    මේ තියෙන්නේ මට ආව E-Mail එක සහ මම ඒකට දාපු Reply එක.

    (අපැහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න)



    අද කුප්පිය මෙතනින් අවසානයි.මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ගියා!
    |