Rss Feed
  1. කොහොමද ඉතින් කට්ටියට? ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනු හින්දා අද දාන්න හිතුවා ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන. ඒ තමයි E-Bay හරහා භාණ්ඩ විකිනීම. හැමෝම දන්නවා ඇතිනේ අපිට ලංකාවෙ ඉඳන් මේ වැඩේ කරන්න බැරි බව. ඒ නිසා මේකට අපිට අවශ්‍ය කරන එකවුන්ට් ඔක්කොම ටික වෙන රටක විදියට හදාගන්න වෙනවා. එහෙම හදන පේපැල් එකවුන්ට් එක සක්‍රිය කරගන්නත් ඕන. ඉස්සෙල්ලම අපි E-Bay එකේ බඩු විකුණන ක්‍රම ගැන බලමු.

    E-Bay එකේ බඩු විකුණන්න ප්‍රධාන වශයෙන්ම ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි

    1) Direct Selling
    - අපි ගාව තියෙන බඩුවක් ලිස්ට් කරල ඒක කවුරුහරි ගත්තොත් ඒක අපිම පැක් කරල අපිම පාරිභෝගිකයට තැපැල් කිරීම


    2) Indirect Selling
    - වෙන කෙනෙක් ගාව තියෙන බඩුවක් ලිස්ට් කරලා ඒක කවුරුහරි ගත්තොත් ඒ බඩුවෙ අයිතිකාරයට සල්ලි දීල ඔහුට ඒක පැක් කරල තැපැල් කරන්න කීම


    3) Dropship
    - වෙන වෙබ් අඩවියක විකුණන්න තියෙන බඩුවක් අපි එකේ ලිස්ට් කරල ඒක කවුරුහරි ගත්තොත් අර අනිත් වෙබ අඩවිය හරහා එම භාණ්ඩය පාරිභෝගිකයාට යැවීම. 

    මේ ක්‍රම වලින් ඕන එකක් අපිට යොදාගන්න පුලුවන්. ලේසිම ක්‍රමය තමයි තුන්වෙනි එක. වැඩිපුරම ලාබ ලබාගන්න පුලුවන් ක්‍රමය පළවෙනි එක. මම මේ ඔක්කොම ක්‍රම ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ලිපියෙන්.
    දැන් අපි බලමු බඩු විකිනීම සඳහා අපිට අවශ්‍ය වෙන දේවල්.

    1) සක්‍රිය කරන ලද E-Bay ගිණුමක්


    2) යුරෝපීය රටක විදියට හදපු පේපැල් ගිණුමක්


    3) පේපැල් ගිණුම සක්‍රිය කිරීම සඳහා ණය කාඩ්පතක් (Credit Card)
      (මේක දැක්ක ගමන් ඉතුරු ටික කියවන්නෙ නැතුව ඉන්න එපා. මම ණය කාඩ්පත සඳහා පොඩි විකල්පයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ විකල්පයටත් රු 1000 ක් විතර ඕන වෙනවා. )

    E-Bay නව ගිණුමක් සාදා ගැනීම සඳහා මෙතනින් යන්න. ( දැනට E-Bay ගිණුමක් තියෙන අය වුනත් අලුත් එකක් හදාගන්න එක හොඳයි ) ( මේකට අලුත් E-Mail ලිපිනයක් හදලා මේ සඳහාම තියාගන්නවනම් ගොඩක් හොඳයි ) මේ ගිණුම හදද්දී තමන් කැමති රටක විදියට හදන්න පුලුවන්. ඒ වුනාට යුරෝපීය රටක විදියට හදනවනම් හොඳයි. මොකද ඉතින් ඔය ඇමරිකාවෙ ගොයියලා ලංකාවෙ අපිට බෙදන්නේ වෙනම හැන්දකින්නේ. මේකට ඕන කරන පරිශීලක පදය ( Username ) තමන් විකුනන්න බලාපොරොත්තු වෙන දේවල් වලට අදාල වෙනවනම් හොඳයි. උදාහරනයක් විදියට අපි ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන්න බලාපොරොත්තු වෙනවනම් වගේ electronics_pro වගේ එකක් හොඳයි. අත්කම් වගේ දේවල් විකුණන්න බලාපොරොත්තු වෙනවනම් crafts_sl වගේ නමක් හොඳයි.
    -------------------------------------------------------------------------------------------------------------
    ඊළඟට පේපැල් ගිණුම සෑදීම. මේකට නම් අනිවාර්‍රයෙන්ම යුරෝපීය රටක විදියට හදන්න ඕන. මොකද ලංකාවට පේපැල් හරහා මුදල් ගෙන්නන්න බැරි නිසා. මම නම් මේ සඳහා යොදාගත්තේ ඉතාලිය. ඔයගොල්ලන්ට කැමති රටක් යොදාගන්න පුලුවන්.පේපැල් ගිණුමක් සෑදීමට මෙතනින් යන්න

    වැදගත් :- මේ සඳහා UK, USA, Australia, Canada කියන රටවල් යොදාගන්න එපා. මොකද මේ රටවල් වල පේපැල් ගිණුම් සක්‍රිය කරන්න බැංකු ගිණුමකුත් අවශ්‍ය වෙනව.

    ( පේපැල් ගිණුමට අවශ්‍ය නම්, ගම්, විස්තර හොයාගන්න බැරිනම් මේක පාවිච්චි කරන්න )

    අදට ඔය ඇති කියල හිතනවා. අද පෝස්ට් එකෙන් දැම්ම දේවල් වල මොකක් හරි ගැටලුවක් තියෙනවනම් යටින් කොමෙන්ටුවක් දාන්න. ගැටලුවක් නැතිවුනත් කමක් නෑ මොකක් හරි කොමෙන්ට් එකක් දාන්න. ලියන පෝස්ට් වලට කොමෙන්ට් නැතිවුනාම ලියන එකත් එපාවෙනවා. ඔන්න එහෙනම් මම ගියා. නැවතත් ඊලඟ ලිපියෙන් හමුවෙමු.

    |


  2. 27 comments:

    1. Anonymous said...

      nice ,keep writing machan

    2. Anonymous said...

      onna aditha man nam kiyewwa .... manda idiri kalayaka ebay onawei... danatanam ona ne... :) hebai oyage
      post ekanam niyamai...

      galle richmand ekenam .. ape pradeepa miss wa ehema dannawa athine... ...

    3. Anonymous said...

      මචන්, ඔයා කියන විදියට ලන්කාවට pay-pal හරහා සල්ලි ගෙන්න ගන්න බරි නම්. මොනා හරි බාන්ඩයක් විකුන්නට පස්සෙ එ සල්ලි අපෙ එකව්න්ට් එකෙන් ගන්නෙ කොගහොමද?

    4. Anonymous said...

      sha, elakiri!
      yaluwa mata mekath danaganna puluwanda?
      01. paypal pitarataka widiyata hadala ekata sampath web card danna puluwanda?
      02. pitarata widiyata hadapuwama verify karanna one nadda?
      03. e paypal ginumen, ebay haraha ;lankawata badu gennanna puluwanda?
      ilaga lipiya ikmanata liyanna. api balan innawa. obata jaya!

    5. අපි වෙනත් රටක විදියට පේපේල් ගිනුමක් හැදුවත් අපෙ ගිනුමට මුදල් වැටෙන්නෙ නෑ නේද?මුදල් වැටෙන්න නම් ඒ රටේ කෙනෙක්ගෙ මාර්ගයෙන් ඒ ගිනුම් වලංගු කරගන්න ඕන නේද?

    6. @ඇනෝ 1
      කමෙන්ට් කරාට ස්තූතියි!

      @ඇනෝ 2
      කමෙන්ට් එකට බොහෝම ස්තූතියි. මම රිච්මන්ඩ් තමයි.

      @ඇනෝ 3
      අපිට කෙලින්ම සල්ලි ගෙන්න ගන්න බැරි වුනාට ඇලට්පේ හරහා වක්‍රව ගෙන්න ගන්න ක්‍රම තියෙනව.VCC එකක් වගේ පාවිච්චි කරල, (මම මේ ගැන පස්සෙ ලිපියකින් දාන්නම්)

      එහෙම නැත්නම් මේ සල්ලි වලින් E-Bay එකේ හරි වෙන ඕනම සයිට් එකක හරි බඩු ගන්න පුලුවන්.
      කොමෙන්ටුවට ස්තූතියි!

      @ඇනෝ 3
      1) මම ට්‍රයි කරල නම් නෑ. ඒවුනාට මම හිතන්නේ බැරි වෙන එකක් නෑ.

      2) අනිවාර්යයෙන්ම Verify කරන්න ඕන. (මොනවහරි විකුනන්න ඕනනම්)

      3) පුලුවන්

      කොමෙන්ට් එකට ස්තූතියි!

      @ Lasindu Nadishan
      සල්ලි වැටෙන්න නම් පේපැල් ගිණුම Verify කරන්න ඕන. මම ඒකට ක්‍රමයක් ඊළඟ ලිපියෙන් කියන්නම්.
      කමෙන්ට් කරාට ස්තූතියි!

    7. Anonymous said...

      ලංකාවේ නෙට්මනි කරලා මුදල් ලබාගත් අය...
      අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සිංහලෙන් ඉගෙන ගන්න පිවිසෙන්න...
      http://www.embilipitiya.info

    8. Anonymous said...

      මට පේපැල් වලින් වලින් ජංගම දුරකතනයක් ගන්න ඕන ඒකට අවසර ගන්න නාරාහෙන්පිටම යන්න ඕනද?
      එතකොටනම් එපා වෙනවනේ. ක්‍රමයක් දේශනා කරන්නෝ...
      අපි www.embilipitiya.info

    9. Hit Man said...

      wena ratakin PP ekak haduwama aniwa verify karana oni na salli enna
      mama oni taram aragena tiyenawa

      PP eke tiyena sali lankawata gana widiyak nada ?
      mekata dana reply eka mata mail karana puluwanam hodai :D

    10. ඔයා බඩුවක් විකුනනකොට අපිටත් කියලම දාන්න.

    11. කවුද කියන්නේ පෑපැල් වලින් සල්ලි ගන්න බෑ කියලා... :)

    12. බොහොම ස්තූතී.... පුලුවන් ඉක්මනින් ඒ ලිපියත් ලියන්න අපි බලන් ඉන්නව :D

    13. Anonymous said...

      pay pal akak wena rataka widihata haduwata aka verify karanna kohomada

    14. @ඇනෝ 1
      කමෙන්ට් කරාට ස්තූතියි, ඒත් ලින්ක් එක වැඩ කරන්නේ නෑනෙ

      @ඇනෝ 2
      ලයිසන් එක ගන්න නම් නාරාහේන්පිටටම යන්න වෙනවා. කොමෙන්ටුවට ස්තූතියි!

      @Hit Man
      ඒක ඇත්ත තමයි. ඒවුනාට හරහා බඩුවක් විකුණන්න නම් අනිවා කරන්න වෙනවා.

      @Miyuru Sankalpa - මියුරු සංකල්ප
      හරි, කමෙන්ට් එකට ස්තූතියි

      @රත්ගමයා
      ලංකාවට කෙළින්ම ගෙන්න ගන්න බෑ නේද? ක්‍රමයක් දන්නවනම් මට මේල් එකක් දාන්න

      @Lasindu Nadishan | Admin - www.Slbloggs.com
      කමෙන්ට් කරාට බොහොම ස්තූතියි! ඉක්මනට අනිත් ලිපියත් දාන්නම්

      @ඇනෝ 3
      VCC එකක් පාවිච්චි කරලා කරන්න පුලුවන්

    15. Anonymous said...

      lasiyanma ganna puluwan.paypal suport karana.lankawata money gannanna puluwan vcc akak kiyanna puluwanda

    16. Anonymous said...

      mata seylan credit card akak tiyanawa.aka use karanna puluwanda

    17. BANDARA said...

      bro dropship karanna hoda site monawada?

    18. සහෝ මම අද තමා මේකට ආවේ නියමයි.ගොඩක් ජාති දැනගත්තා.

    19. chami said...

      pay pal akak wena rataka widiyata haduvita e-bay eken gatapu badu lankawata lebenawda?

    20. Techmaker said...

      මචං ජර්මනි shape ද???

    21. Techmaker said...

      machan thawa podi prashnayak... suddekge address ekata hadapu paypal account ekak sampath bank web card ekakin varify karanna puluwanda??? please reply..

    22. පොඩි ප්‍රස්න ටිකක් තියෙනවා. ඉතුරු ලිපි ටික කියවපුවම නිරාකරණය වෙයි කියල හිතනවා. ලේසියෙන් හොයා ගන්න බැරි විධියේ ගොඩක් හොද ලිපියක්. මේවගේ දේවල් දන්න භාෂාවෙන්ම කියල දෙනවට බොහොම ස්තූති ඔබට.

    23. WIJITH said...

      හොදවැඩක් මල්ලිය

    24. Anonymous said...

      Machan VCC ekak ganna udawwak dennako...

    25. මට කියල දෙනවද බාන්ඩයක් shipping කරන හැටි මුලසිටම 1.Tracking number

    26. Anonymous said...

      මට කියල දෙනවද බාන්ඩයක් shipping කරන හැටි මුලසිටම 1.Tracking number

    27. ශිපින් ගැන ලිපියක් දන්න ලන්කාවෙන් බඩු ශිපින් කරන හැටි

    Post a Comment