Rss Feed
  1. කොහොමද ඉතින් කට්ටියට? ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනු හින්දා අද දාන්න හිතුවා ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන. ඒ තමයි E-Bay හරහා භාණ්ඩ විකිනීම. හැමෝම දන්නවා ඇතිනේ අපිට ලංකාවෙ ඉඳන් මේ වැඩේ කරන්න බැරි බව. ඒ නිසා මේකට අපිට අවශ්‍ය කරන එකවුන්ට් ඔක්කොම ටික වෙන රටක විදියට හදාගන්න වෙනවා. එහෙම හදන පේපැල් එකවුන්ට් එක සක්‍රිය කරගන්නත් ඕන. ඉස්සෙල්ලම අපි E-Bay එකේ බඩු විකුණන ක්‍රම ගැන බලමු.

    E-Bay එකේ බඩු විකුණන්න ප්‍රධාන වශයෙන්ම ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි

    1) Direct Selling
    - අපි ගාව තියෙන බඩුවක් ලිස්ට් කරල ඒක කවුරුහරි ගත්තොත් ඒක අපිම පැක් කරල අපිම පාරිභෝගිකයට තැපැල් කිරීම


    2) Indirect Selling
    - වෙන කෙනෙක් ගාව තියෙන බඩුවක් ලිස්ට් කරලා ඒක කවුරුහරි ගත්තොත් ඒ බඩුවෙ අයිතිකාරයට සල්ලි දීල ඔහුට ඒක පැක් කරල තැපැල් කරන්න කීම


    3) Dropship
    - වෙන වෙබ් අඩවියක විකුණන්න තියෙන බඩුවක් අපි එකේ ලිස්ට් කරල ඒක කවුරුහරි ගත්තොත් අර අනිත් වෙබ අඩවිය හරහා එම භාණ්ඩය පාරිභෝගිකයාට යැවීම. 

    මේ ක්‍රම වලින් ඕන එකක් අපිට යොදාගන්න පුලුවන්. ලේසිම ක්‍රමය තමයි තුන්වෙනි එක. වැඩිපුරම ලාබ ලබාගන්න පුලුවන් ක්‍රමය පළවෙනි එක. මම මේ ඔක්කොම ක්‍රම ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ලිපියෙන්.
    දැන් අපි බලමු බඩු විකිනීම සඳහා අපිට අවශ්‍ය වෙන දේවල්.

    1) සක්‍රිය කරන ලද E-Bay ගිණුමක්


    2) යුරෝපීය රටක විදියට හදපු පේපැල් ගිණුමක්


    3) පේපැල් ගිණුම සක්‍රිය කිරීම සඳහා ණය කාඩ්පතක් (Credit Card)
      (මේක දැක්ක ගමන් ඉතුරු ටික කියවන්නෙ නැතුව ඉන්න එපා. මම ණය කාඩ්පත සඳහා පොඩි විකල්පයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ විකල්පයටත් රු 1000 ක් විතර ඕන වෙනවා. )

    E-Bay නව ගිණුමක් සාදා ගැනීම සඳහා මෙතනින් යන්න. ( දැනට E-Bay ගිණුමක් තියෙන අය වුනත් අලුත් එකක් හදාගන්න එක හොඳයි ) ( මේකට අලුත් E-Mail ලිපිනයක් හදලා මේ සඳහාම තියාගන්නවනම් ගොඩක් හොඳයි ) මේ ගිණුම හදද්දී තමන් කැමති රටක විදියට හදන්න පුලුවන්. ඒ වුනාට යුරෝපීය රටක විදියට හදනවනම් හොඳයි. මොකද ඉතින් ඔය ඇමරිකාවෙ ගොයියලා ලංකාවෙ අපිට බෙදන්නේ වෙනම හැන්දකින්නේ. මේකට ඕන කරන පරිශීලක පදය ( Username ) තමන් විකුනන්න බලාපොරොත්තු වෙන දේවල් වලට අදාල වෙනවනම් හොඳයි. උදාහරනයක් විදියට අපි ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන්න බලාපොරොත්තු වෙනවනම් වගේ electronics_pro වගේ එකක් හොඳයි. අත්කම් වගේ දේවල් විකුණන්න බලාපොරොත්තු වෙනවනම් crafts_sl වගේ නමක් හොඳයි.
    -------------------------------------------------------------------------------------------------------------
    ඊළඟට පේපැල් ගිණුම සෑදීම. මේකට නම් අනිවාර්‍රයෙන්ම යුරෝපීය රටක විදියට හදන්න ඕන. මොකද ලංකාවට පේපැල් හරහා මුදල් ගෙන්නන්න බැරි නිසා. මම නම් මේ සඳහා යොදාගත්තේ ඉතාලිය. ඔයගොල්ලන්ට කැමති රටක් යොදාගන්න පුලුවන්.පේපැල් ගිණුමක් සෑදීමට මෙතනින් යන්න

    වැදගත් :- මේ සඳහා UK, USA, Australia, Canada කියන රටවල් යොදාගන්න එපා. මොකද මේ රටවල් වල පේපැල් ගිණුම් සක්‍රිය කරන්න බැංකු ගිණුමකුත් අවශ්‍ය වෙනව.

    ( පේපැල් ගිණුමට අවශ්‍ය නම්, ගම්, විස්තර හොයාගන්න බැරිනම් මේක පාවිච්චි කරන්න )

    අදට ඔය ඇති කියල හිතනවා. අද පෝස්ට් එකෙන් දැම්ම දේවල් වල මොකක් හරි ගැටලුවක් තියෙනවනම් යටින් කොමෙන්ටුවක් දාන්න. ගැටලුවක් නැතිවුනත් කමක් නෑ මොකක් හරි කොමෙන්ට් එකක් දාන්න. ලියන පෝස්ට් වලට කොමෙන්ට් නැතිවුනාම ලියන එකත් එපාවෙනවා. ඔන්න එහෙනම් මම ගියා. නැවතත් ඊලඟ ලිපියෙන් හමුවෙමු.

    |