Rss Feed

  1. කොහොමද කට්ටියට? අදනම් මට කියන්න තියෙන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම අද ඉඳන් මාස දෙක තුනක් යනකන් බ්ලොග් ලියන එක නවත්තනවා. මේකට හේතුවෙන්නේ ගෙදරින් එල්ලවෙන බලපෑම් සහ ඉස්කෝලෙ වැඩයි. මම පුලුවන් හැම වෙලාවකම ලියන්න බලන්නම්. :) දැන් මම හිතන විදියට ඔයගොල්ලො ගොඩක් දෙනාට E-bay ගැන හොඳ අවබෝදයක් ලැබිල ඇති කියල හිතනවා. ඒ ගැන ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට E-mail  (ampjayasuriya@gmail.com) එකක් දාන්න. මම පුලුවන් හැම වෙලාවක ඒවට reply කරන්නම්.

    හැමෝටම සුභ දවසක්!!

    |



  2. කොහොමද කට්ටියටම? දැන් ඔයගොල්ලන්ගෙන් ගොඩ දෙනෙක් අන්තර්ජාලය හරහා ගණුදෙනු කරනවනේ. ගණුදෙනු කලේ නැතත් කරන්න ට්‍රයි එකක් හරි දීල ඇතිනේ. ඉතින් මෙහෙම ගණුදෙනු කරන කොට හැමෝටම ප්‍රශ්න මතුවෙනවා. මේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් මෙතුවක් කාලෙකට පුලුවන් වුනේ හොඳට කඩ්ඩ දන්න අයට විතරයි. මේ නිසා අපි (මම, බිම්සර සහ සජිත් අයියා) හිතුවා මේ වැඩේටම වෙන්වුනු සිංහල සංසදයක් ආරම්භ කරන්න ඕන කියලා. දැන් එම සංසදය බිහිවෙලා තියෙනව. ඒ තමයි

    ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
    Sri Lankan Internet Customers Union


    මේ  සංසදයට අන්තර්ජායලෙන් ගණුදෙනු කිරීම ගැන උනන්දුවක් තියෙන ඕන කෙනෙකුට එකතු වෙන්න පුලුවන්. එහෙනම් අදට ගියා.


    SLICUහි නිල වෙබ් අඩවිය
    SLICUහි ගූග්ල් සමූහය
    SLICUහි නිල බ්ලොග් අඩවිය

    |


  3. මේ ලිපිය කියවන්න කලින් මම Ebates ගැන ලියපු පළවෙනි ලිපිය මෙතනින් කියවල ඉන්න. Ebates එක්ක Ebay බඩු ගමු


    කොහොමද කට්ටි‍යටම? ඇත්තටම මම අද ලියන්න හිටිය Ebay Selling ගැන තියෙන ඊළඟ ලිපිය. ඒවුනාට ඒක ලියන්නෙ කොහොමද කියල හිතහිත ඉන්න කොටම පියුන් (මාමා) ගෙදර ගේට්ටුව ළඟ බෙල් එක ගැහුවා. ඔන්න බලද්දී මගේ නමටත් ලියුමක් තියෙනවා. බලද්දි ඒක මට Ebates වලින් හම්බවෙච්ච චෙක් එකක් :D. මේක හම්බවෙන්න කලින් මට Ebatesලගෙන් E-mail එකක් ලැබුන ඔයාගේ චෙක් එක පෝස්ට් කළා කියලා. මම ඒ වෙලාවෙ ඒ Mail එක වැඩිය ගණන් ගත්තෙ නෑ. මේ තියෙන්නේ ඒ Mail එක.



    මේ තියෙන්නේ හම්බවෙච්ච චෙක් එකේ පින්තූර.






    ඔයාලටත් මේ වගේ චෙක් එකක් ගෙදරට ගෙන්න ගන්න පුලුවන්. ඕන අය ඉන්නවනම් මගේ Ebates ගැන පළවෙනි ලිපිය කියවල ඉන්න. අදට ඔච්චරයි. හෙට අනිවා Ebay Selling ගැන පස්වෙනි ලිපිය දාන්නම්. මොනවහරි ප්‍රශ්න තිබේනම් යටින් කොමෙන්ටුවක් දමන්න.

    |


  4. පරණ ලිපි කියෙව්වෙ නැද්ද?

    E-BAY හරහා භාණ්ඩ විකිනීම 1
    E-BAY හරහා භාණ්ඩ විකිනීම 2
    E-BAY හරහා භාණ්ඩ විකිනීම 3

    කොහොමද  කට්ටියටම? අද ඊබේ ගැන ඊළඟ ලිපිය.. ඔන්න කෙලින්ම ටොපික් එකට බැස්සා.
    -----------------------------------------------------------------------------------------------

    දැන් අපිට Verify කරන ලද ඊබේ ගිණුමක් සහ පේපැල් ගිණුමක් තියෙනවා. දැන් තියෙන්නේ මොනවහරි විකුනන්න තමයි. ඊබේ හරහා බඩු විකුණන්න තියෙන ලේසිම ක්‍රමේ Droship කිරිල්ල තමයි. Dropship කරන්නනම් ඒකට අපි හොඳ බඩු තියෙන වෙන විශ්වාසවන්ත වෙබ් අඩවියක් හෝ කිහිපයක් පාවිච්චි කරන්න ඕන. මේ තියෙන්නේ මම භාවිතා කරන වෙබ් අඩවි. (Dropship ගැන දන්නෙ නැත්නම් පළවෙනි ලිපිය බලන්න)

    buyincoins.com
    dealextreme.com
    chinagrabber.com

    මම දැන් විකුණන්න හදන්නේ මේ ලින්ක් එකේ තියෙන Card Reader එක.
    http://www.buyincoins.com/details/usb-2-0-microsd-t-flash-tf-m2-memory-card-reader-product-168.html


    -----------------------------------------------------------------------------------------------


    ඉස්සෙල්ලම තමන්ගේ ඊබේ ගිණුමට ලොග් වෙන්න. දැන් උඩ කෙළවරේ තියන Sell මෙනුව යටතේ තියෙන Sell an Item වලට යන්න. දැන් එන පිටුවෙ තියෙන List Your Item කියන එකට යන්න


     --


    දැන් අපි විකුණන්න හදන භාණ්ඩය සඳහා Category එකක් තෝරල දෙන්න ඕන. ඒකට තමන් විකුණන්න හදන භාණ්ඩයට අදාල Keywords ටිකක් දීල Search බට්න් එක ක්ලික් කරන්න. එතකොට තමන් දුන්න Keywords වලට අදාල Categories ලිස්ට් එකක් ලැබේවි. එතනින් එක Category එකක් තෝරන්න. (මෙතන අපිට Categories දෙකක් වුනත් දෙන්න පුලුවන්. නමුත් දෙවන එක සඳහා ඊබේ මඟින් මුදල් අයකරනවා)


    --




    දැන් අහනවා අපි ලිස්ට් කරන්න කැමති මොන විදියටද කියලා. මම මෙතනදි දෙනවා Simple විදියට.දැන් එන පේජ් එකේ තමයි අපි විකුණන භාණ්ඩයට අදාල සියලුව විස්තර ලබාදෙන්න ඕන. අපි මේ විස්තර එකින් එක බලමු.



    -----------------------------------------------------------------------------------------------


    1) Create a descriptive title for your item
    මෙතන අපි භාන්ඩයට Title එකක් ලබා දෙන්න ඕන. කවුරු හරි ඊබේ එකේ Search කරන කොට මුලින්ම පේන්නේ අපි මෙතන ලබාදෙන Title එක.මෙතනදි වඩා වැදගත් වෙන්නේ අපි විකුණන භාණ්ඩයට අදාල Keywords ගොඩක් ලබා දෙන එක. භාණ්ඩයේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවනම් ඒකත් මෙතන්ට ලබා දෙන එක හොඳයි.මම මෙතන්ට දාන්නේ 

    USB 2.0 MicroSD T-Flash TF M2 Memory Card Reader කියලා.


    බලන්න ඒ Title එකේ Keywords කීයක් තියෙනවද කියල?


    2) Bring your item to life with pictures
    දැන් අපි භාණ්ඩයේ පින්තූරයක් අප්ලෝඩ් කරන්න ඕන. මෙතන්ට Upload කරන පළවෙනි පින්තූරය සඳහා ඊබේ එක කිසිදි මුදලක් අය කරන්නෙ නෑ. ඉන් පසුව ඇතුලත් කරන සෑම පින්තූරයකටම $0.15 ක් අය කරනවා. මේ Fee එක අපි අපෙ භාණ්ඩය විකිණුනත් නැතත් ගෙවිය යුතුයි. ඒ නිසා මෙතන්ට එක පින්තූරයක් විතරක් ඇතුලත් කරන එක වඩා හොඳයි.මෙතන්ට ඇතුලත් කරන පින්තූරයේ Watermarks නැතිවීම හොඳයි.
    උදාහරණයක් විදියට මම පහල දීල තියෙන පින්තූර දෙක දිහා බලන්න. ඒවයින් පළවෙනි එකේ Buyincoins කියල Watermark එකක් තියෙනවා. දෙවෙනි එකේ එහෙම එකක් නෑ. ඔය දෙකෙන් වඩා හොඳ දෙවෙනි පින්තූරය දාන එක. නැතිනම් අපේ පාරිභෝගිකයා දැනගන්නවා අපි කරන්නේ Dropshipping කියලා.

    Watermarks -



    Upload කිරීම -
    --



    3) Describe the item you're selling
    මෙතන්ට අපේ භාණ්ඩයේ විස්තර ලබාදිය යුතුයි. මේ කොටස අපි විකුණන භාණ්ඩයේ ස්වභාවය අනුව වෙනස්වෙනවා. මේ පින්තූරයේ තියෙන්නේ Card Readers සඳහා එන විදිය.



    Item Condition - අලුත්ද? පාවිච්චි කරලද? etc.

    Brand - නිශ්පාදනය කරන ලද සමාගම (චයිනීස් ඒවට නම් මේක හිස් තියනවට වඩා හොඳයි Remove කරන එක.)

    Supported Format - මේක Card Readers සඳහා පමණක් එන එකක්. මෙතන්ට දෙන්න ඕන Card Reader එක Support කරන කාඩ් වර්ග.

    Enclosure - එක්ස්ටර්නල් ද? ඉන්ටර්නල් ද?

    Interface - USBද? SATAද? etc.

    දැන් පල්ලෙහයින් තියෙනව නේද Box එකක්? එතන අපිට අපේ භාණ්ඩය ගැන ඕන දෙයක් දාන්න පුලුවන්. හැබැයි එතන තියෙන Formatting Tools නම් එච්චර ප්‍රයෝජනවත් නෑ. ඒ හින්දා වඩා හොඳයි Word වල වගේ Edit කරල එතනින් Paste කළානම්.


    4) Set a price and shipping details
    මෙතන අපේ භාණ්ඩය යවන්න කැමති රටවල් සහ ඒවාට අදාල Shipping Fees සඳහන් කරන්න පුලුවන්. Dropship කරනවනම් මෙතන Worldwide Economy Int'l Shipping දාල Cost එක $0.00 ට දාන්න. ඕනනම් තව Field එකක Worldwide Standard Int'l Shipping දාල Cost එක $2.00 වගේ තියන්න.ඔතන ඔය Handling Time කියල තියෙන්නේ Customer භාණ්ඩය ගත්තට පස්සෙ අපිට ඒක තැපැල් කරන්න යන කාලය. Dropship කරනවනම් මේක 4 Days වගේ තියන්න. (අපිට Dropship සයිට් එකින් Order කරන්න 1 දවසයි. ඒගොල්ලන්ට තැපැල් කරන්න දවස් 3 යි)



    5) Decide how you'd like to be paid
    මෙතන තමන්ගේ Verify කරගත්ත පේපැල් ලිපිනය දාන්න. දෙපාරක් නෙවී තුන්පාරක් චෙක් කරන්න. ඊට යටින් තියෙන ටික් එක Enable කරන්න.




    -----------------------------------------------------------------------------------------------



     මේ තියෙන්නේ සම්පූර්ණ කරන ලද Listing එක.


    දැන් සියල්ල සම්පූර්නයි. තවත් පාරක් ඔක්කොම විස්තර හරිද බලලා යටින් තියෙන Save & Preview බට්න් එක ක්ලික් කරන්න. දැන් එන පිටුවේ අපිට අපේ Listing එක සඳහා යන වියදම බලාගන්න පුලුවන්.(මේ Listing එකේ නම් ඇතුලත් කිරීමට යන වියදම $0.00) ඊට යටින් අපිට අපේ Listing එකේ Preview එකක් බලාගන්න පුලුවන්. ඊටත් යටින් අපිට අපේ Listing එක Search Results වල පේන විදිය බලාගන්න පුලුවන්.අපේ අතින් මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවනම් Edit Listing බට්න් එක මඟින් නැවතත් කලින් හිටිය පිටුවට යන්න පුලුවන්.

    මේ තියෙන්නේ අපි දැන් List කරපු Card Reader එක Search Results වල පේන විදිය.


    සියලු දේ නිවැරදිනම් List Your Item බට්න් එක ක්ලික් කරන්න.




    දැන් අපි එනවා Success Page එකකට. මෙතනින් අපිට අපේ භාණ්ඩය වගේ තවත් එකක් විකුණන්න හරි, වෙනත් බඩුවක් විකුණන්න හරි, මේ බඩුව Track කරන්න හරි පුලුවන්.


    මේ තියෙන්නේ අපි දැන් List කරපු Card Reader එක All Selling කොටසේ පේන විදිය.


    මේ තියෙන්නේ අපේ සම්පූර්ණ Listing එක Screenshot එකක්


    දැන් අපේ Listing එක ඕන කෙනෙක්ට බලන්න සහ Bid කරන්න පුලුවන්. කව්රුහරි මේක මිලදී ගත්තාම කරන්න ඕන දේවල් මීළඟ කොටසින් බලමු. මෙතෙක් දේවල්වල මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න.
    |


  5. කොහොමද කට්ටියටම? මේ දවස් වල මම පෝස්ට් දාන්නෙ නැති එකට සමා වෙන්න ඕන. මේ දවස් වල විභාග එහෙම වැහි වැහැල තියෙන නිසා කොම්පීතරේ පැත්තෙ එන්න වෙන්නෙත් නැති ගානයි. පොඩි විවේකයක් ලැබුන ගමන් අර ඊබේ බඩු විකිනීම ගැන ලියපු ලිපි ටික සම්පූර්ණ කරන්නම්.

    මේ පෝස්ට් එක දැම්මෙ මම ගත්ත අලුත් භාණ්ඩයක් ගැන කියන්න. ඒ තමයි Android Tablet එකක්. විශේෂයෙන්ම කියන්න ඕන මම මේක ගන්න අතින් සත පහක්වත් වියදම් කලේ නෑ. මේක ගන්න ඕනකරන සම්පූර්න මුදල (ගෙවපු Tax ඇරෙන්න) මම හොයාගත්තෙ ඊබේ හරහාම විකිනූ භාණ්ඩවලින් ලැබූ ලාබයෙන් විතරයි. මේකෙ මිල Shipping නැතුව USD 186. EMS හරහා Shipping එක්ක ඔක්කොම USD 206. ටැක්ස් විදියට හරිනම් රු.1600ක් ගෙවන්න ඕන. ඒවුනාට ගෙව්වෙ රු. 400ක් විතරයි. :) (මොකද කියල හිතාගන්න පුලුවන්නෙ :D )





    මේ තියෙන්න ආව කවරෙ සහ ඔක්කොම Unbox කලාට පස්සෙ පින්තූර. (මේව ගත්තට මට තාම කැමරාවක් නෑ. මේ පින්තූර දෙකත් ගත්තෙ යාලුවෙක්ගෙ Cam එකකින්.) ඔය Pen Drive එකක් තියල තියෙන්නේ ප්‍රමානය ගැන හිතාගන්න. නැතුව Pen එකක් ආවෙ නෑ. :D


    දැන් බලමු මේකෙ විස්තර ටිකක්.

    Specifications :-
    OS : Google Android 2.2 Froyo (Upgradable to Android 2.3)
    CPU : 1 Ghz InfoTM X220 Single core
    RAM : 512MB DDRII (Upgradable to 1GB)
    Internal Menory : 4GB
    GPS : Yes
    Market Support : Yes
    Accelerometer (Gravity Sensor ) : Yes ( Turning 4-Side )
    Networking : Wifi 802.11 b/g
                      Ethernet
                      External 3G Dongle
    Screen : 10.2" Multi-Touch, Resistive Touch
    Speakers :  Internal Stereo Speakers

    I/O Ports :-
    2 x USB 2.0
    1 x HDMI Out
    1 x Ethernet RJ45
    1 x 3.5mm Headphone Jack
    1 x Micro SD Card Slot (Support up to 32GB)
    1 x Slot for a GPS Antenna

    මම මේකට දැනට දාල තියෙන ඇප්ස් :-
    Google Maps
    Google Latitude
    Google Earth
    Google Talk
    Google Goggles
    Google Buzz
    Gmail
    Youtube
    Facebook
    Realcalc
    Meridian ( Media Player එකක් )
    Skype

    මේ තියෙන්නෙ ගත්ත Screenshots ටිකක්.
    (විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න)




    Skype






         Calculator (RealCalc)




    Google Latitude & Maps ( Navigation )
    මගේ ගෙදර ඉඳන් Richmond එකට යන්න තමයි Directions දීල තියෙන්නෙ.






    Desktop


    Music


    File Manager ( Astro )

    මගේ විකාර ලීවීමේ ශෛලිය ගැන සමා වෙන්න ඕන. ඒවුනාට මම තාම ඉගෙනගන්නෙ 9 වසරේ. ඒ නිසා මගෙ බ්ලොග් එකෙ වැරදි එහෙම තියෙනවනම් ඒව මට කියන්න. කමෙන්ට්ස් එහෙම තියෙනවනම් යටින් දාන්න.





    |


  6. කොහොමද කස්ටියට? කාලෙකින් ලිපියක් දැම්මෙ නැති වීම ගැන සමාවෙන්න ඕන. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. අදත් මේ පොඩි ලිපියකින් තමයි ශේප් වෙන්න හදන්නේ. මම පුලුවන් තරම් ඉක්මනට දිග ලිපියක් දාන්නම්.

    මේ ලිපිය කියවන්න කලින් මේ ලිපි පෙලේ පරණ ලිපි කියවන්න මෙතනින් යන්න. 
    ------------------------------------------------------------------------------------------------------

    හරි දැන් අපිට සත්‍යාපනය කරන ලද පේපැල් ගිණුමක් සහ ඊබේ ගිණුමක් තියෙනවා.දැන් ඊළඟ පියවර වශයෙන් අපි මේ ගිණුම් දෙක සම්බන්ධ (Link) කරන්න ඕන. ඒකට මෙහෙම කරන්න.

    1) තමන්ගෙ ඊබේ ගිණුමට ලොග් වෙන්න.


    2) ඒකෙ Account යටතේ තියෙන Paypal Account කියන කොටසට යන්න.
    3) දැන් වම්පැත්තේ තියෙන  "Link your exiting Paypal account" කියන එක උඩ ක්ලික් කරන්න.


    4) දැන් මතුවෙන ස්ක්‍රීන් එකේදි තමන්ගෙ පේපැල් ගිණුමට ලොග් වෙන්න.


    5) දැන් ගිණුම් දෙක සම්බන්ධවීම අවසන්. දැන් ඔබට එම ගිණුම හරහා සම්පූර්ණ Selling Privileges ලබාගන්න පුලුවන්.



    අදට වෙලාව තියෙන්නෙ ඔය ටික දාන්න විතරයි. කොහොමහරි මම ඉක්මන්ට තව ලිපියක් දාන්නම්. දැනට කිව්ව දේවල්වල මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් දැනට  මම ගියා.
    |


  7. කොහොමද ඉතින් කස්ටියට? මේ තියෙන්නේ මම ඊබේ ගැන ලියන දෙවෙනි ලිපිය. පළවෙනි එක හැමෝම බලන්න ඇති කියල හිතනවා. බලල නැති අය ඉන්නවනම් මේ සබැඳියට ගිහින් බලාගන්න පුලුවන්.

    ලිපිය ලියන්න කලින් ඔයගොල්ලො අහල තිබුන ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න ඕන. ඉස්සෙල්ලම ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුන මේ හරහා අපි උපයන මුදල ශ්‍රී ලංකාවට ගෙන්නගන්න විදිය ගැන.
    මේ මුදල ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න නම් අපිට මෙහේ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන්න ඕන. ඊට පස්සෙ Fastspring හෝ 2Checkout වැනි වෙබ් අඩවියක ආධාරයෙන් එම මුදල මේහේ ගිණුමට මාරුකරන්න පුලුවන්. එහෙම නැත්නම් ඒ උපයන මුදල ආධාරයෙන් අපිට E-Bay හෝ වෙනත් භාණ්ඩ විකුණන වෙබ් අඩවියක බඩු ගන්න පුලුවන්.

    ඊට පස්සේ තවත් අය අහල තිබුන පේපැල් ගිණුම වෙන රටක ( UK, USA ) විදියට හැදුවම එම ගිණුම සත්‍යාපනය ( Verify ) නොකර ගනුදෙනු කිරීම ගැන. ඒක වෙන්න මෙහෙමයි,
    අපිට වෙන රටක විදියට පේපැල් ගිණුම හැදුවම ඒක සත්‍යාපනය නොකර පෞද්ගලික ගණුදෙණු කරන්න පුලුවන්, ඒ වුනාට එහෙම ගිණුම් හරහා අපිට මොනවත් විකුණන්න බෑ.

    ----------------------------------------------------------------------------------------------------------

    හරි දැන් අපි මාතෘකාවට බහිමු.
    මම අද ලිපියෙන් කථාකරන්න බලාපොරොත්තු වෙන්නේ පේපැල් ගිණුම සත්‍යාපනය කිරීම ගැනයි.

    පේපැල් ගිණුම සත්‍යාපනය කිරීම සඳහා අපිට අතථ්‍ය ණය කාඩ්පතක් ( Virtual Credit Card - VCC ) යොදාගැනීමට සිදුවෙනවා. මේවා විකුණන වෙබ් අඩවි ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා. මේ තියෙන්නේ ඒවා කීපයක්.

    http://www.paypalvcc.com/
    http://www.buyvcconline.com/VCC-for-paypal
    http://vccorder.com/paypal_vcc-pp29591.html

    වැදගත් : මම මේ අඩවි වල විශ්වසනීයත්වය ගැන කියන්න දන්නේ නෑ. මම පෞද්ගලිකව භාවිතා කරල තියෙන්නේ මේ අඩවිය ( VCC-MARKET ) විතරයි.

    මේ ඕන එකක්ට ගිහින් පේපැල් සත්‍යාපනය සඳහා භාවිතා කරන VCC එකක් ගන්න ඕන. මේ වෙබ් අඩවිවලට බොහෝ වෙලාවට ගෙවීම් සිදුකරන්න වෙන්නේ ඇලට්පේ හරහා. ඒකෙ රෙජිස්ටර් වෙලා නැති අය මෙතනින් යන්න. ඇලට්පේ ගිණුමට වුනත් අපේ සම්පත් වෙබ් කාඩ් එක සම්බන්ධ කරන්න පුලුවන්.

    ------------------------------------------------------------------------------------------------------------

    කාඩ් එක මිලදී ගත්තට පස්සේ ටික වෙලාවකින් ඒගොල්ලො අපට අපේ කාඩ් එකේ විස්තර කියල E-Mail එකක් එවනවා. අපි ඒ විස්තර දාල කාඩ් එක පේපැල් වලට කාඩ් එක සම්බන්ධ කරන්න ඕන.
    ( කාඩ් එකක් පේපැල් වලට සම්බන්ධ කරන්න දන්නැති අය මෙතනින් ගිහින් බලන්න. ඒ ලිපියෙ තියෙන විදියටමයි කරන්න ඕන. පොඩි වෙනසකට තියෙන්නේ කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දෙන්නේ නෑ. ඒ වෙනුවට ඒගොල්ලො එවන E-Mail එකට Reply කරන්න ඕන Confirm Code එක ඉල්ලලා.)

    මේ තියෙන්නේ මට ආව E-Mail එක සහ මම ඒකට දාපු Reply එක.

    (අපැහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න)



    අද කුප්පිය මෙතනින් අවසානයි.මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ගියා!
    |


  8. කොහොමද ඉතින් කට්ටියට? ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනු හින්දා අද දාන්න හිතුවා ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන. ඒ තමයි E-Bay හරහා භාණ්ඩ විකිනීම. හැමෝම දන්නවා ඇතිනේ අපිට ලංකාවෙ ඉඳන් මේ වැඩේ කරන්න බැරි බව. ඒ නිසා මේකට අපිට අවශ්‍ය කරන එකවුන්ට් ඔක්කොම ටික වෙන රටක විදියට හදාගන්න වෙනවා. එහෙම හදන පේපැල් එකවුන්ට් එක සක්‍රිය කරගන්නත් ඕන. ඉස්සෙල්ලම අපි E-Bay එකේ බඩු විකුණන ක්‍රම ගැන බලමු.

    E-Bay එකේ බඩු විකුණන්න ප්‍රධාන වශයෙන්ම ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි

    1) Direct Selling
    - අපි ගාව තියෙන බඩුවක් ලිස්ට් කරල ඒක කවුරුහරි ගත්තොත් ඒක අපිම පැක් කරල අපිම පාරිභෝගිකයට තැපැල් කිරීම


    2) Indirect Selling
    - වෙන කෙනෙක් ගාව තියෙන බඩුවක් ලිස්ට් කරලා ඒක කවුරුහරි ගත්තොත් ඒ බඩුවෙ අයිතිකාරයට සල්ලි දීල ඔහුට ඒක පැක් කරල තැපැල් කරන්න කීම


    3) Dropship
    - වෙන වෙබ් අඩවියක විකුණන්න තියෙන බඩුවක් අපි එකේ ලිස්ට් කරල ඒක කවුරුහරි ගත්තොත් අර අනිත් වෙබ අඩවිය හරහා එම භාණ්ඩය පාරිභෝගිකයාට යැවීම. 

    මේ ක්‍රම වලින් ඕන එකක් අපිට යොදාගන්න පුලුවන්. ලේසිම ක්‍රමය තමයි තුන්වෙනි එක. වැඩිපුරම ලාබ ලබාගන්න පුලුවන් ක්‍රමය පළවෙනි එක. මම මේ ඔක්කොම ක්‍රම ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ලිපියෙන්.
    දැන් අපි බලමු බඩු විකිනීම සඳහා අපිට අවශ්‍ය වෙන දේවල්.

    1) සක්‍රිය කරන ලද E-Bay ගිණුමක්


    2) යුරෝපීය රටක විදියට හදපු පේපැල් ගිණුමක්


    3) පේපැල් ගිණුම සක්‍රිය කිරීම සඳහා ණය කාඩ්පතක් (Credit Card)
      (මේක දැක්ක ගමන් ඉතුරු ටික කියවන්නෙ නැතුව ඉන්න එපා. මම ණය කාඩ්පත සඳහා පොඩි විකල්පයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ විකල්පයටත් රු 1000 ක් විතර ඕන වෙනවා. )

    E-Bay නව ගිණුමක් සාදා ගැනීම සඳහා මෙතනින් යන්න. ( දැනට E-Bay ගිණුමක් තියෙන අය වුනත් අලුත් එකක් හදාගන්න එක හොඳයි ) ( මේකට අලුත් E-Mail ලිපිනයක් හදලා මේ සඳහාම තියාගන්නවනම් ගොඩක් හොඳයි ) මේ ගිණුම හදද්දී තමන් කැමති රටක විදියට හදන්න පුලුවන්. ඒ වුනාට යුරෝපීය රටක විදියට හදනවනම් හොඳයි. මොකද ඉතින් ඔය ඇමරිකාවෙ ගොයියලා ලංකාවෙ අපිට බෙදන්නේ වෙනම හැන්දකින්නේ. මේකට ඕන කරන පරිශීලක පදය ( Username ) තමන් විකුනන්න බලාපොරොත්තු වෙන දේවල් වලට අදාල වෙනවනම් හොඳයි. උදාහරනයක් විදියට අපි ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන්න බලාපොරොත්තු වෙනවනම් වගේ electronics_pro වගේ එකක් හොඳයි. අත්කම් වගේ දේවල් විකුණන්න බලාපොරොත්තු වෙනවනම් crafts_sl වගේ නමක් හොඳයි.
    -------------------------------------------------------------------------------------------------------------
    ඊළඟට පේපැල් ගිණුම සෑදීම. මේකට නම් අනිවාර්‍රයෙන්ම යුරෝපීය රටක විදියට හදන්න ඕන. මොකද ලංකාවට පේපැල් හරහා මුදල් ගෙන්නන්න බැරි නිසා. මම නම් මේ සඳහා යොදාගත්තේ ඉතාලිය. ඔයගොල්ලන්ට කැමති රටක් යොදාගන්න පුලුවන්.පේපැල් ගිණුමක් සෑදීමට මෙතනින් යන්න

    වැදගත් :- මේ සඳහා UK, USA, Australia, Canada කියන රටවල් යොදාගන්න එපා. මොකද මේ රටවල් වල පේපැල් ගිණුම් සක්‍රිය කරන්න බැංකු ගිණුමකුත් අවශ්‍ය වෙනව.

    ( පේපැල් ගිණුමට අවශ්‍ය නම්, ගම්, විස්තර හොයාගන්න බැරිනම් මේක පාවිච්චි කරන්න )

    අදට ඔය ඇති කියල හිතනවා. අද පෝස්ට් එකෙන් දැම්ම දේවල් වල මොකක් හරි ගැටලුවක් තියෙනවනම් යටින් කොමෙන්ටුවක් දාන්න. ගැටලුවක් නැතිවුනත් කමක් නෑ මොකක් හරි කොමෙන්ට් එකක් දාන්න. ලියන පෝස්ට් වලට කොමෙන්ට් නැතිවුනාම ලියන එකත් එපාවෙනවා. ඔන්න එහෙනම් මම ගියා. නැවතත් ඊලඟ ලිපියෙන් හමුවෙමු.

    |


  9. කොහොමද කස්ටියට?අද නම් මම මොකුත් දෙයක් ලියන්නේ නෑ.මම ආවෙ පොඩි උදව්වක් ඉල්ලගෙන.හැබැයි උදව්ව නම් මට නෙමෙයි.මගේ යාලුවෙකුට.එයා අලුතින් බ්ලොග් එකක් පටන්ගෙන.මගේ ඉල්ලුවා ට්‍රැෆික් ටිකක් දෙන්න පුලුවන්ද කියලා?මමත් ඉතින් හා කිව්වා.මෙන්න ලින්ක් slread.blogspot.com එක ගිහිල්ල එයාට කොමෙන්ටුවකුත් දාලම එන්නකෝ!
    |


  10. කොහොමද කස්ටියට? ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.

    දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.



    ඒක ආවෙ නැත්නම් උඩ දකුනු කොනේ තියෙන Sign Up ලින්ක් එක උඩ ක්ලික් කරන්න.

    දැන් මෙතන තියෙන ෆෝම් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.ඊට යටින් තියෙන එකට ampjayasuriya@gmail.com ලෙසට ලබාදෙන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා.



    දැන් ඔබේ ගිණුම සාදා අවසන්. දැන් Log In ක්ලික් කර ඔබේ ගිණුමට ලොග් වන්න.

    දැන් Shop All Stores මත ක්ලික් කරන්න.



    එතන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන Shop Now කියන බට්න් එක ක්ලික් කරන්න.



    දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.මේ තියෙන්නේ මට එහෙම ආපු ඊමේල් එකක්.



    මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $5 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. Ebates

    ආ කියන්න අමතක වුනානෙ!


    හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!



    |