Rss Feed
  1. කොහොමද ඉතින්? ඔන්න අද මම අර සුපිරිපරිගණකවල අන්තිම තුන ගැන දාන්න ඉන්නේ.ඊට කලින් දාන්න දෙයක් තියෙනවා. ඊයේ මට ඊමේල් 3ක් විතර ඇවිල්ලා තිබුනා Flops ගැන දාන්න කියලා ඉතින් මම ඉස්සෙල්ල දාන්න හිතුනා මේ සුපිරිපරිගණක වල වේගය මනිනකොට භාවිතා කරන Flops කියන ඒකකය ගැන.Flops ගැන විකිපීඩියා එකේ තියෙන්නෙ මෙහෙමයි.


    In computing, FLOPS (or flops or flop/s) is an acronym meaning FLoating point OPerations per Second. The FLOPS is a measure of a computer's performance, especially in fields of scientific calculations that make heavy use of floating point calculations, similar to the older, simpler, instructions per second.


    ඒ කියන්නේ මේකත් අපි සාමාන්‍යෙන් පාවිච්චි කරන හර්ට්ස් වගේ ඒකකයක්.

    මෙන්න තියෙනවා ලොකේ හොඳම සුපිරිපරිගණක තුන ගැන විස්තර.

    නොම්මර 3
    Nebulae Dawning TC3600 Blade System

    මේක තමයි දැනට අංක තුනට ඉන්නේ.මේකට Teraflop 1271ක වේගයක් තියෙනවා.මේකෙ ස්ථාවර මතකය විදියට ටෙරාබයිට් 168ක් තියෙනවා.මේක දැනට අයිතිවෙන්නේ චීනයේ ජාතික සුපිරිපරිගනක මධ්‍යස්ථානයටයි.



    නොම්මර 2
    Cray XT5-HE Opteron

    මේක තමයි දැනට නොම්මර 2ට ඉන්නේ.මේකට නම් Teraflop 1717.77ක වේගයක් තියෙනවා.ස්ථාවර මතකය විදියට ටෙරාබයිට් 526ක් තියෙනවා.මේක හදන්න AMD x86 2.6GHz ප්‍රොසෙසර 224,162ක් යොදාගෙන තියෙනවා.මේක අයිතිවෙන්නේ ඇමරිකාවේ ඕක් රිජ් පරිසර පර්යේශනාගාරයටයි.



    නොම්මර 1
    Tianhe-IA

    මේක තමයි දැනට පරිගණක ලෝකෙ ලොක්කා.කොච්චර ලොක්කෙක්ද කියනවනම් මේකට Teraflop 4813.824ක පුදුම වේගයක් තියෙනවා (පිස්සු හැදෙනවා නේද? :)s ) මේක සම්පූර්නයෙන්ම හදන්න උප කොටස් 14,336ක් යොදාගෙන තියෙනවා.හැම උප කොටසකම ඉන්ටෙල් Xeon ප්‍රොසෙසරයක් (මේ හැම ප්‍රොසෙසරයකම 2.93GHz වේගයක් තියෙන කෝර් 6ක් තියෙනවා) සමඟ ගිගාබයිට් 8ක DDR3 RAM එකක් තියෙනවා.හිතාගන්න පුලුවන්නේ මේවගේ කොටස් 14,336 එකතුවුනාම හැදෙන එක.මේක දැනට අයිතිවෙන්නේ චීනයේ ටියැන්ජින් වල තියෙන සුපිරිපරිගණක මධ්‍යස්ථානයටයි.



    එහෙනම් ඔන්න අදට ලිපිය ඉවරයි.මේක මෙතන්ටම යනකම් කියවපු එකේ කොමෙන්ටුවකුත් දාලම යන්න.ඔන්න ගියා :D !
    |


  2. 8 comments:

    1. එලම කිරි මට මේ ටික ඕනම වෙලා තිබුන වෙලාව . කියල වැඩක් නෑ.
      උඹට පිං අදීයෝ

      ජයවේවා !

    2. Chamli said...

      niyama post akak.
      athakota google 1ta mehema super computer akak nadda?

    3. dinesh said...

      මේ එකක් දිහා නිකන් බලාගෙන ඉන්නවත් තියනවනම්......1යි 2යි අතර සෑහෙන ලොකු වෙනසක් තියනව නේද?කොහොමත් චීන්නු ලඟදිම ලෝකෙටම ගේම දෙනවා.තැන්කූ මල්ලියා......................

    4. Uditha said...

      මැස්සා මචන් නියමයි .............

    5. @හිස් අහස
      මගේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තට බොහොම ස්තූතියි.

      @Chamli
      ගූග්ල් එකට තියෙන සුපිරිපරිගණකයේ කොටස් ලෝකේ පුරාම තියෙනවා.ඒ හින්දා ගූග්ල්ලට තනි සුපිරිපරිගනකයක් නෑ.කොහොමහරි මේ ඔක්කොම කොටස් වල නම් පෙටාෆ්ලොප් 1.8ක විතර වේගයක් තියෙනවා.වැඩි විස්තර මෙතනින් බලාගන්න.http://en.wikipedia.org/wiki/Googleplex

      @dinesh
      ඒකනම් ඇත්ත වෙන්න පුලුවන්.මගේ බ්ලොග් එක බැලුවට ස්තූතියි.

      @Udita
      තෑන්ක්ස්.

    6. gayan said...

      නියමයි ලබා දුන්න විස්තර වලට

    7. @gayan
      තෑන්ක්ස් :D

    8. DISSANAYAKA said...

      දෙවැනි කොටස දාලනේ දැක්කෙ පස්සෙ.ස්තූතියි.

    Post a Comment