Rss Feed
  1. කොහොමද කස්ටියට? කාලෙකින් මොකක්වත් දාන්නත් බැරි වුනු හින්දා අද දාන්න හිතුනා සුපිරි පරිගණක ගැන. අපි ඉස්සෙල්ලම දැනගන්න එපායැ සුපිරි පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා නේ.සුපිරි පරිගණක ගැනි විකිපීඩියා එකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි.

    "A supercomputer is a computer that is at the frontline of current processing capacity, particularly speed of calculation."

    මේ තියෙන්නේ දැනට ලොකේ තියෙන හොඳම සුපිරි පරිගණක අට ගැන විස්තර.මේව ගැන විස්තර නම් ගත්තේ මෙන්න මෙතනින් top500.org

    නොම්මර 8,
    Cray XT4 Jaguar

    මෙක තමයි දැනට ලොකේ තියෙන අටවෙනියට හොඳම සුපිරිපරිගණකය.මේකට Teraflop 205ක වේගයක් තියෙනවා.මෙක දුවන්නනේ ලිනක්ස් මත.මේකට Teraflop 205ක වෙගයක් ගන්න උප කොටස් 11,706ක් අවශ්‍ය වෙලා තියෙනවා.හැම උපකොටසකම AMD 2.6 GHz ප්‍රොසෙසරයක් සහ ගිගාබයිට් 4 ක තාවකාලික මතකයක් (RAM) තියෙනවා.මුලු පරිගණකයටම 600 TB ස්ථාවර මතකයක් තියෙනවා.මෙක දැනට අයිතිවෙන්නේ ඇමරිකාවෙ පරිගණක විද්‍යාව සඳහා වූ ජාතික ආයතනයටයි.



    නොම්මර 7
    Sun SunBlade x6420 Ranger Cr

    මෙකතමයි දැනට නොම්මර හතට ඉන්නේ.මේකට Teraflop 326ක වේගයක් තියෙනවා.මෙක හදන්න භාවිතා කරල තියෙන්නේ AMD ප්‍රොසෙසර.මේකට ගිගාබයිට් 125,952ක ස්ථාවර මතකයක් තියෙනවා.මේක අයිතිවෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් පරිගණක විශ්වවිද්‍යාලයටයි.



    නොම්මර 6
    IBM BlueGene/P

    මෙක තමයි අංක 6.දැනට මේකට Teraflop 450.3ක වේගයක් තියෙනවා.මේකට ගිගාබයිට 217,680 ක ස්ථාවර මතකයක් තියෙනවා.මේක තමයි දැනට ලෝකේ වැඩිම ස්ථාවර මතකයක් තියෙන සුපිරිපරිගනකය.මේක අයිතිවෙන්නේ ඇමරිකාවේ IBM සමාගමටයි.



    නොම්මර 5
    IBM BlueGene/L

    මේක තමයි නොම්මර 5. මේක IBM BlueGene/P ට බොහෝ දුරට සමානයි නමුත් මේකේ බලය ටිකක් වැඩියි.මේකට Teraflop 478.2ක වේගයක් තියෙනවා.මේකේ ස්ථාවර මතකය නම් ගිගාබයිට 32,768ක් වෙනවා.මෙකට 1.2 GHz වෙගයක් තියෙන ප්‍රොසෙසර 106,496ක් තියෙනවා.මේක IBM සමාගම විසින් කැලිෆෝර්නියාවේ ලෝරන්ස් ලිවර්මෝ පර්යේශනාගාරය වෙනුවෙන් හදන ලද සුපිරි පරිගණකයක්.



    නොම්මර 4
    IBM Roadrunner

    මෙක තමයි දැනට නොම්මර හතරට ඉන්නේ.මේකට Petaflop 1.026ක ( Teraflop 1050.624) වේගයක් තියෙනවා.ඒ කියන්නේ 2.6GHz ක වේගයක් තියෙන පරිගණක 12,960ක වේගයක්. (කොහොමද නේද? :D )මේකත් IBM සමාගම විසින් ඇමෙරිකාවෙ ජාතික ආරක්ෂක පර්යේශනාගරයට හදපු පරිගනකයක්.



    අදට ඔය ඇති කියල හිතෙනවා.ඉතුරු දෙක ගැන ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්.එහෙනම් ගියා.කියවල නිකන් යන්නේ නැතුව කොමෙන්ට් එකකුත් දාන්න

    |


  2. 6 comments:

    1. gayan said...

      නියමයි මචං ලිපිය

    2. dinesh said...

      වැදගත්ම තුන .........ඉක්මනට දාපන් මචෝ...

    3. සහන් said...

      ම්......... සුපිරි

    4. මලා ! මම උගන්නද්දී ලමයින්ට කීවේ BlueGene/L තමයි අංක එක කියලා !
      මචෝ අනික්වා ඉක්මනට දාපන් කෝ. මට මේ ලිපිය ප්‍රින්ට් කරගන්න ඕන . තරහ වෙන්ඩ එපා බං .

      ජයවේවා !!

    5. prasanna86k said...

      එල එල ඉතුරු තුනත් ඉක්මනට දාන්න.

    6. DISSANAYAKA said...

      නියමයි ඉතිරි ටිකත් ලියන්න්කෝ

    Post a Comment