Rss Feed
  1. කොහොමද කස්ටියට? කාලෙකින් මොකක්වත් දාන්නත් බැරිවුනානෙ.ඔන්න අද ගෙනාව නියම ගැජට් එකක්. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට හිම වැටෙන එකයි.මේක දාන එකත් හරි ලේසියි.
    මේක දාගන්න ඕන අය මෙන්න මෙහෙම කරන්න.Blogger එකේ DashBoard > Design > Page Elements යන්න.ඒකේ Add A Gadget ගිහිල්ල HTML/Javascript තෝරන්න. දැන් මෙන්න මේ කෝඩ් එක දාන්න.

    <script src="http://snow-effect.googlecode.com/files/snow.js" type="text/javascript">

    දැන් Save කරන්න.ඔක්කොම හරියට කළානම් දැන් බ්ලොග් එකේ හිම වැටෙන්න ඕන.මේක වැඩිපුර පේන්නේ කලුපාට බ්ලොග් ව්ල තමයි.මොකද හිම සුදු පාටයිනේ :D. මම මේක මගේ බ්ලොග් එකටත් දැම්මා.එහෙනම් ගියා. අදහසකුත් දාලම යන්න :)).
    |


  2. කොහොමද ඉතින්? ඔන්න අද මම අර සුපිරිපරිගණකවල අන්තිම තුන ගැන දාන්න ඉන්නේ.ඊට කලින් දාන්න දෙයක් තියෙනවා. ඊයේ මට ඊමේල් 3ක් විතර ඇවිල්ලා තිබුනා Flops ගැන දාන්න කියලා ඉතින් මම ඉස්සෙල්ල දාන්න හිතුනා මේ සුපිරිපරිගණක වල වේගය මනිනකොට භාවිතා කරන Flops කියන ඒකකය ගැන.Flops ගැන විකිපීඩියා එකේ තියෙන්නෙ මෙහෙමයි.


    In computing, FLOPS (or flops or flop/s) is an acronym meaning FLoating point OPerations per Second. The FLOPS is a measure of a computer's performance, especially in fields of scientific calculations that make heavy use of floating point calculations, similar to the older, simpler, instructions per second.


    ඒ කියන්නේ මේකත් අපි සාමාන්‍යෙන් පාවිච්චි කරන හර්ට්ස් වගේ ඒකකයක්.

    මෙන්න තියෙනවා ලොකේ හොඳම සුපිරිපරිගණක තුන ගැන විස්තර.

    නොම්මර 3
    Nebulae Dawning TC3600 Blade System

    මේක තමයි දැනට අංක තුනට ඉන්නේ.මේකට Teraflop 1271ක වේගයක් තියෙනවා.මේකෙ ස්ථාවර මතකය විදියට ටෙරාබයිට් 168ක් තියෙනවා.මේක දැනට අයිතිවෙන්නේ චීනයේ ජාතික සුපිරිපරිගනක මධ්‍යස්ථානයටයි.



    නොම්මර 2
    Cray XT5-HE Opteron

    මේක තමයි දැනට නොම්මර 2ට ඉන්නේ.මේකට නම් Teraflop 1717.77ක වේගයක් තියෙනවා.ස්ථාවර මතකය විදියට ටෙරාබයිට් 526ක් තියෙනවා.මේක හදන්න AMD x86 2.6GHz ප්‍රොසෙසර 224,162ක් යොදාගෙන තියෙනවා.මේක අයිතිවෙන්නේ ඇමරිකාවේ ඕක් රිජ් පරිසර පර්යේශනාගාරයටයි.



    නොම්මර 1
    Tianhe-IA

    මේක තමයි දැනට පරිගණක ලෝකෙ ලොක්කා.කොච්චර ලොක්කෙක්ද කියනවනම් මේකට Teraflop 4813.824ක පුදුම වේගයක් තියෙනවා (පිස්සු හැදෙනවා නේද? :)s ) මේක සම්පූර්නයෙන්ම හදන්න උප කොටස් 14,336ක් යොදාගෙන තියෙනවා.හැම උප කොටසකම ඉන්ටෙල් Xeon ප්‍රොසෙසරයක් (මේ හැම ප්‍රොසෙසරයකම 2.93GHz වේගයක් තියෙන කෝර් 6ක් තියෙනවා) සමඟ ගිගාබයිට් 8ක DDR3 RAM එකක් තියෙනවා.හිතාගන්න පුලුවන්නේ මේවගේ කොටස් 14,336 එකතුවුනාම හැදෙන එක.මේක දැනට අයිතිවෙන්නේ චීනයේ ටියැන්ජින් වල තියෙන සුපිරිපරිගණක මධ්‍යස්ථානයටයි.



    එහෙනම් ඔන්න අදට ලිපිය ඉවරයි.මේක මෙතන්ටම යනකම් කියවපු එකේ කොමෙන්ටුවකුත් දාලම යන්න.ඔන්න ගියා :D !
    |


  3. කොහොමද කස්ටියට? කාලෙකින් මොකක්වත් දාන්නත් බැරි වුනු හින්දා අද දාන්න හිතුනා සුපිරි පරිගණක ගැන. අපි ඉස්සෙල්ලම දැනගන්න එපායැ සුපිරි පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා නේ.සුපිරි පරිගණක ගැනි විකිපීඩියා එකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි.

    "A supercomputer is a computer that is at the frontline of current processing capacity, particularly speed of calculation."

    මේ තියෙන්නේ දැනට ලොකේ තියෙන හොඳම සුපිරි පරිගණක අට ගැන විස්තර.මේව ගැන විස්තර නම් ගත්තේ මෙන්න මෙතනින් top500.org

    නොම්මර 8,
    Cray XT4 Jaguar

    මෙක තමයි දැනට ලොකේ තියෙන අටවෙනියට හොඳම සුපිරිපරිගණකය.මේකට Teraflop 205ක වේගයක් තියෙනවා.මෙක දුවන්නනේ ලිනක්ස් මත.මේකට Teraflop 205ක වෙගයක් ගන්න උප කොටස් 11,706ක් අවශ්‍ය වෙලා තියෙනවා.හැම උපකොටසකම AMD 2.6 GHz ප්‍රොසෙසරයක් සහ ගිගාබයිට් 4 ක තාවකාලික මතකයක් (RAM) තියෙනවා.මුලු පරිගණකයටම 600 TB ස්ථාවර මතකයක් තියෙනවා.මෙක දැනට අයිතිවෙන්නේ ඇමරිකාවෙ පරිගණක විද්‍යාව සඳහා වූ ජාතික ආයතනයටයි.



    නොම්මර 7
    Sun SunBlade x6420 Ranger Cr

    මෙකතමයි දැනට නොම්මර හතට ඉන්නේ.මේකට Teraflop 326ක වේගයක් තියෙනවා.මෙක හදන්න භාවිතා කරල තියෙන්නේ AMD ප්‍රොසෙසර.මේකට ගිගාබයිට් 125,952ක ස්ථාවර මතකයක් තියෙනවා.මේක අයිතිවෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් පරිගණක විශ්වවිද්‍යාලයටයි.



    නොම්මර 6
    IBM BlueGene/P

    මෙක තමයි අංක 6.දැනට මේකට Teraflop 450.3ක වේගයක් තියෙනවා.මේකට ගිගාබයිට 217,680 ක ස්ථාවර මතකයක් තියෙනවා.මේක තමයි දැනට ලෝකේ වැඩිම ස්ථාවර මතකයක් තියෙන සුපිරිපරිගනකය.මේක අයිතිවෙන්නේ ඇමරිකාවේ IBM සමාගමටයි.



    නොම්මර 5
    IBM BlueGene/L

    මේක තමයි නොම්මර 5. මේක IBM BlueGene/P ට බොහෝ දුරට සමානයි නමුත් මේකේ බලය ටිකක් වැඩියි.මේකට Teraflop 478.2ක වේගයක් තියෙනවා.මේකේ ස්ථාවර මතකය නම් ගිගාබයිට 32,768ක් වෙනවා.මෙකට 1.2 GHz වෙගයක් තියෙන ප්‍රොසෙසර 106,496ක් තියෙනවා.මේක IBM සමාගම විසින් කැලිෆෝර්නියාවේ ලෝරන්ස් ලිවර්මෝ පර්යේශනාගාරය වෙනුවෙන් හදන ලද සුපිරි පරිගණකයක්.



    නොම්මර 4
    IBM Roadrunner

    මෙක තමයි දැනට නොම්මර හතරට ඉන්නේ.මේකට Petaflop 1.026ක ( Teraflop 1050.624) වේගයක් තියෙනවා.ඒ කියන්නේ 2.6GHz ක වේගයක් තියෙන පරිගණක 12,960ක වේගයක්. (කොහොමද නේද? :D )මේකත් IBM සමාගම විසින් ඇමෙරිකාවෙ ජාතික ආරක්ෂක පර්යේශනාගරයට හදපු පරිගනකයක්.



    අදට ඔය ඇති කියල හිතෙනවා.ඉතුරු දෙක ගැන ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්.එහෙනම් ගියා.කියවල නිකන් යන්නේ නැතුව කොමෙන්ට් එකකුත් දාන්න

    |