Rss Feed
  1. කොහොමද ඔයාලට? අද මම කියන්න යන්නේ දැනටමත් උබුන්ටු ස්ථාපනය කරලා තියෙන පරිගනකයක් LTSP සර්වරයක් බවට පත් කරගන්නා ආකාරයයි. ඒ සඳහා මුලින්ම සර්වර් පරිගණකයේ ටර්මිනල් එක විවෘත කරගන්න. දැන් මෙහෙම ටයිප් කරන්න.

    sudo apt-get install ltsp-server-standalone openssh-server




    අවශ්‍ය තැන්වලදී පාස්වර්ඩ් එක ලබාදෙන්න.ඊලඟට ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරන්න.

    sudo ltsp-build-client

    දැන් පරිගනකය LTSP සඳහා සක්ස්වෙනවා. සාමාන්‍යයෙන් මෙකට විනාඩි 45ක් විතර යනවා.හදිස්සියෙවත් මේක වෙවී තියෙනකොට කරන්ට් ගොයොත් හරි වෙන මොකක් හරි වෙලා ටර්මිනල් එක ක්ලෝස් වුනොත් එහෙම ඊලඟ පාර මේක කරන්න ගියාම මෙහෙම එරර් එකක් එනව



     එතකොට ඉතින් කරන්න තියෙන්නේ Alt+F2 ගහලා gksudo nautilus කියල ටයිප් කරලා opt \ ltsp ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන i386 කියන ෆෝල්ඩර් එක ඩිලීට් කරන්න.



    මේක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන. නැත්නම් වෙනත් ෆෝල්ඩර්ස් එහෙම ඩිලීට් වුනොත් සිස්ටම් එක වැඩ නොකර යන්න පුලුවන් :)s. ඒ හින්ද හොඳම දේ තමයි Client එක හදනකොට UPS එකක් පාවිච්චි කරන එක.මේක වෙලා ඉවර වුනාට පස්සේ ඔයාට තියෙන්නේ පරිගනක ටික හරියට නෙට්වර්ක් කරගන්න එක.මේ සඳහා නෙට්වර්ක් ස්විච් එකක් යොදාගන්න පුලුවන්.


    දැන් ටර්මිනල් පරිගණකවල BIOS එකට ඇතුල්වෙලා ඒවයේ නෙට්වර්ක් බූට් එනේබල් කරන්න.දැන් ඔක්කොම ටික හරි.ඔයගොල්ලෝ ඔක්කොම දේවල් ටික හරියට කලානම් දැන් සර්වර් එක දාලා තියෙන වෙලාවට ටර්මිනල් පරිගණක නෙට්වර්ක් එක හරහා බූට් වෙන්න ඕන.මේ ටර්මිනල් පරිගණක වලට හාඩ් ඩිස්ක් අවශ්‍ය වෙන්නේ නෑ.කෙලින්ම සර්වර් එක හරහා තමයි වැඩ කරන්නේ.සර්වර් පරිගනකයේ ස්ථාපනය කරලා තියෙන ඕනම මෘදුකාංගයක් ටර්මිනල් පරිගණක හරහාත් භාවිතා කරන්න පුලුවන් :D .

    අදට නම් ඔච්චරයි.මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනොත් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න.එහෙනම් ගියා.
    |


  2. 6 comments:

    1. තව දිගටම ලියන්න.....සුභපැතුම්!

    2. එල කිරි ගින්දර වැඩේ මචෝ උඹ BIT කරපං උඹට නියම අනාගතයක් තියනවා

      උබන්ටු ගැන මම වැඩිය දැනං හිටියේ නෑ මේ ලිපි දෙකෙන් පස්සේ මාර ආසාවක් ආවා ඒ ගැන හොයන්න

      ජයවේවා !!

    3. Anonymous said...

      see these links also

      http://tharaka-lankanet.blogspot.com/2008/09/ltsp-linux-terminal-server-project.html

      http://tharaka-lankanet.blogspot.com/2008/11/ltsp.html

      http://rajeenprasanna.wordpress.com/2010/06/15/%e0%b6%b4%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%9c%e0%b6%ab%e0%b6%9a-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad-%e0%b6%b4%e0%b6%ab-%e0%b6%af%e0%b7%99%e0%b6%b1/

    4. @ෂදීශ් ගේ සටහන
      කමෙන්ට් කරාට ගොඩක් ස්තූතියි

      @හිස් අහස
      BIT කරන්න මට තව ගොඩාක් කල් තියෙනවා.මම තාම O/L වත් කරේ නෑ

      @Anonymous
      ලින්ක්ස් වලට ගොඩක් ස්තූතියි

    5. Anonymous said...

      මේක නම් නියමයි. ආයේ කියල වැඩක් නෑ.දිගටම ලියන්න.මගේ සුභ පැතුම්

    Post a Comment