Rss Feed
  1. අද මම කියන්න යන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන පරන මැෂින් දැන් කාලෙ තියෙන එකක් වගේ බල ගන්වන හැටි.මේකට තිබිය යුතු මූලික අවශ්‍යතාවයන්නම් මෙහෙමයි.

    ⋆ ඉස්සෙල්ලම තියෙන්න ඕන ටිකක් විතර අලුත් පීසී එකක්. මේක ඩුවල් කෝ විතර තිබ්බම ඇති.ඒකෙ නෙට්වර්ක් පෝට් දෙකක් තියෙන්න ඕන (එකක් අන්තර්ජාලයට පිවිසෙන්න,අනෙක් එක නෙට්වර්ක් ස්විච් එකට )

    ⋆ ඊට පස්සේ නෙට්වර්ක් ස්විච් එකක් තියෙන්න ඕන.

    ⋆ අන්තිමට පරණ පරිගනක අවම වශයෙන් එකක් තියෙන්න ඕන.

    මට මුලින් කියන්න අමතක වුනා.මේ ක්‍රමය වැඩකරන්නේ ලිනක්ස් මත, ඒ නිසා වින්ඩෝස් ඔන්ලි අය වහාම මේක කියවීම නවත්වන්න. (එහෙම කිව්වට ඉතින් මේක කියවල කොමෙන්ටුවකුත් දාලම යන්න හොඳේ :D )

    දැන් අපි මේ පරිගනක ඔක්කොම ටික මේකට ගැලපෙන විදියට සකස් කරගන්න ඕන.අපි ඉස්සෙල්ලම ගමු අලුත් පරිගනකය.මේකට දැන් ඉඳන් කියන්නේ සර්වර් පරිගණකය කියල.දැන් මේකට අපි මොකක් හරි ලිනක්ස් LTSP සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේ සඳහා මම නම් යොදා ගත්තේ උබුන්ටු LTSP එක.ඒ මොකද කිව්වොත් මම දැනටමත් පාවිච්චි කරන්නේ උබුන්ටු.උබුන්ටු ආයෙත් ඉන්ස්ටෝල් කරන් නැතිව දැන් තියෙන එකම LTSP සර්වරයක් කරගන්න පුලුවන් නිසා මම ඒකම පාවිච්චි කලා. (මෙහෙම කරන හැටි මම අන්තිමට කියන්නම්) ඉස්සෙල්ලම මෙන්න මෙතනින් බාගත කරගන්න උබුන්ටු 10.04 (අලුත්ම වර්ශන් එක වන 10.10 තාම LTSP සඳහා සහය පලකරන්නෙ නෑ.ඒක ආවම මේක අලුත් කරන්නම්) දැන් මේ බාගත කරගත්ත ISO ඉමේජ් එක CD එකකට බර්න් කරගන්න (ඉමේජ් බර්න් කරන්න දන්නේ නැත්නම් මෙතන ක්ලික් කරන්න) දැන් මේ CD එකෙන් සර්වර් එක බූට් කරගන්න. දැන් මේ පහල තියෙන තිරය ආවම F4 ඔබන්න.එතකොට ඔය යටින් තියෙන මෙනු එක ඒවි.ඒකෙ තියෙන "Install an LTSP Server" කියන විකල්පය තෝරන්න.දැන LTSP සර්වර් එක ඔබේ පරිගණකයට ස්ථාපනය වේවි.(පින්තූර අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)




    අදට ඔය ටික ඇතිවේවි කියල හිතනවා.LTSP ගැන සිංහල විකිපීඩියා පැහැදිලිකිරීම මෙතනින් බලාගන්න පුලුවන්.දැනට උබුන්ටු තියෙන පරිගණකයකට LTSP දාන හැටි ඊළඟ ලිපියෙන් කියන්නම්.එහෙනම් ඉතින් ගියා. (කියවල නිකන් යන්නේ නැතුව කොමෙන්ටුවකුත් දාන්න හොඳේ :D )



    |


  2. 4 comments:

    1. Anonymous said...

      windows walatath danna

    2. ඔයා මෙතනින් මෙතනින් කිය කියා කියල තියෙනව, නමුත් ඒ තැන් වල ලින්ක්ස් නෑ. :(

    3. අදියෝ නියමයි මම නිදහස් හා විවෘත්ත මෘදුකාංග පිස්සෙක් මට මේව රටක් වටිනවා එල පෝස්ට් එක . අනික මම අද හැපී මූඩ්

    4. @Anonymous
      මම දන්න තරමින් නම් වින්ඩෝස් වලට තාම මේවගේ එකක් නිල වශයෙන් ප්‍රකාශ කරල නෑ.මොකක් හරි තුන්වන පාර්ශවයක සොෆ්ට්වෙයාර් එකක් හම්බවුනොත් ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්.

      @Madhawa Habarakada
      හරි හරි.මට පොඩි වැරදීමක් වෙලා.සමාවෙන්න ඕන.ඔන්න දැන් දැම්මා.මේක කියෙව්වට ස්තූතියි!

      @හිස් අහස
      බොහොම ස්තූතියි කොමෙන්ට් එකට :D

    Post a Comment