Rss Feed
  1. ඔන්න ඉතින් මටත් ඔය හැමෝටම වගේ පොඩි පොඩි ආසාවන් තියෙනවා.මේ පොඩි ආසාවල් අතරින් ටිකක් විතර ලොකු හීනයක් තමයි ඊබේ එකෙන් මොකක් හරි ගන්න එක.ඒත් ඉතින් සල්ලි තමයි ප්‍රශ්නේ :)m.Onbux Neobux වලින් නම් සල්ලි හම්බවුනාට ඒව ලැබෙන්නේ Alertpay එකටනේ.ඊබේ එක අනුමත කරන්නේ paypal විතරයි.(හැමෝම දන්නවා ඇතිනේ ලංකාවෙ පේපැල් එකවුන්ට් වලට සල්ලි ගන්න බෑ කියල).අන්තිමට ඉතින් මේ බ්ලොග් අවකාශේ තිබුන එක බ්ලොග් එකක්.ඒ බ්ලොග් එකේ තමයි "ධනිකගේ සිතිවිලි" ඒකෙ තිබුන පොඩි කාඩ් එකක් ගැන.ඒ කාඩ් එක තමයි සම්පත් වෙබ් කාඩ් එක.


    ඉතින් මට මාර හැපී :D.ඊලඟ දවසෙ සම්පත් බැන්කුවට දුවලා ගිහින් ඇප්ලයි කරා වෙබ් කාඩ් එකකට.දැන් ඉතින් ඇඟිලි ගැන ගැන ඉන්නවා කාඩ් එක එනකන්.ආවට පස්සේ තව ලියන්නම්කෝ.ඔයගොල්ලොත් මේ කාඩ් එකේ වාසි අවාසි ගැන දන්නවනම් ඒ ගැන අදහසක් පලකරන්න හොඳේ :D!
    |


  2. 5 comments:

    1. Anonymous said...

      alertpay eke money kelinma sampath web card ekata gana puluwan.

    2. ප්‍රධානම අවාසිය මේකේ ශේෂය දැනගන්න කෝල් කරලම බලන්න ඕන. මහ කරදර වැඩක්

    3. Anonymous said...

      අපිට කාඩ් එක ගන්න කීයක් ඕනද?
      ඊට පස්සෙ කාඩ් එකෙන් වැඩ කරන්නෙ කොහොමද කියලත් කියන්න.මම වැඩිය ඕව ගැන දන්නැහැ.ඒකයි ඇහුවෙ.කාඩ් එක‍ට සල්ලි දාන්නත් ඕන නේද?ඒ විස්තරත් කියන්න.ලොකු උදව්වක්.මට බැංකු කටයුතු ගැන එච්චර අවබෝධයක් නැහැ.
      ස්තූතියි !

    4. @Anonymous
      කාඩ් එකක් ගන්න අවම වශයෙන් රු.2500ක් තියෙන්න ඕන.ඊට අමතරව රු.5000, රු.7500, රු.10000 කියන අගයනුත් ආරම්භක ශේෂය විදියට ගන්න පුලුවන්.ඕන වෙලාවක අපට කාඩ් එකට සල්ලි දාන්න පුලුවන්.කාඩ් එක පේපැල් හරහා භාවිතා කරන එක හොඳයි.කාඩ් එක අවුරුදු දෙකකට වලංගු වෙනවා.
      තව විස්තර ඕනනම් මෙන්න මෙතන්ට යන්න.
      කමෙන්ට් කරාට ස්තූතියි!

      @හුදකලා යාත්‍රිකයා
      මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ.විස්තර කරාට ස්තූතියි

      @Anonymous
      ඒක ගැන තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද?

    5. kanishka said...

      ane Onbux Neobux wala mamath add click karana kenek... mata eke reffels la ganne kohomada and...hoda aya hoya ganne kohomada... a gana hoda wistharayak dannako.. menna mage mail eka.. mekatath ewanna puluwan nam godak thank ku...

      yeskandykanishka@gmail.com

    Post a Comment