Rss Feed
  1. කොහොමද කස්ටියට?ඔන්න මම අද ආවේ ඇනලයිටික්ස් වල ඊළඟ කොටස ගැන පොඩි විස්තරයක් දාන්න.අපි අද බලමු මේකෙ  කියන කොටස ගැන.මේකෙ තියෙන සබ්ටොපික්ස් වල විස්තර මෙන්න මෙහෙමයි.

    Overview :- මේක අපට අවශ්‍යම වන විස්තර අරගෙන හදල තියෙනවා.

    Direct Traffic :- මෙකෙන් කියවෙන්නේ අපේ සයිට් එකට කෙලින්ම ආපු අයගේ විස්තර මෙකේ තියෙන වගුවේ  මෙනු එකෙන් අපට පුලුවන් අපෙ Direct Traffic වල විස්තර බලාගන්න.

    Referring Sites :- මෙකෙන් අපට පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවන වෙනත් සයිට්ස් බලාගන්න.



    Search Engines :- මෙතනින් පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවපු සර්ච් එන්ජින්ස්.මෙකෙ ෆිල්ටර් එක විදියට කීවර්ඩ්ස් තේරුවම අපිට බලාගන්න පුලුවන් ඒගොල්ලෝ අපෙ සයිට් එකට එන්න භාවිතා කරපු කීවර්ඩ්ස් මොනවද කියල.

    All Traffic Sources :- මෙකෙන් පෙනවන්නේ Direct Traffic, Referring Sites සහ Search Engines කියන තුනම එකතු කරලා හදපු විස්තර.



    Adwords Campaigns, Keyword Campaigns, TV Campaigns :- මේව අපට ප්‍රයෝජනවත් වෙන්නේ අපි ගූග්ල් ඇඩ්වර්ඩ්ස් භාවිතා කරලා ගූග්ල් එකේ ඇඩ්ස් දැම්මොත් විතරයි.ඒක සිංහල බ්ලොග්ස් වලට සාමාන්‍යයෙන් කරන්නේ නැති නිසා ඒක මම දාන්නේ නෑ.

    Keywords :- මෙතනින් අපට බලාගන්න පුලුවන් කට්ටිය අපෙ බ්ලොග් එක හොයාගන්න භාවිතා කරන ලද කීඉවර්ඩ්ස් මොනවද කියලා.

    Campaigns :- මෙතනින් අපට බලාගන්න පුලුවන් සින්ඩිකේටර්ස් එහෙම කැම්පේන්ස් හරහා අපේ බ්ලොග් එකට එව්ව කට්ටිය.

    Ad Versions :- මේකෙන් අපට බලාගන්න පුලුවන් ෆී වෙබ් ඩිරෙක්ටරි වලින් සහ ෆීඩ් බර්නර් වගේ ඒවයින් අපේ බ්ලොග් එකට ආව කට්ටිය ගැන.

    අදට ඔය ඇති කියල හිතනවා.ප්‍රශ්න තිබුනොත් කොමෙන්ට් කරන්න හොඳේ :D!
    |


  2. 0 comments:

    Post a Comment