Rss Feed
  1. කොහොමද ඔයාලට?අද මම ලියන්න හිතුවෙ ඔයගොල්ලෝ ගොඩක් දෙනා පාවිච්චි කරන දෙයක් ගැන.ඒ තමයි ගූග්ල් ඇනලයිටික්ස්.මේක ගොඩක් අය පාවිච්චි කරාට මේකෙ වැඩ ගැන දන්න අය ඉන්නේ බොහොම ටිකයි.මේක පාවිච්චි කරල අපට අපේ බ්ලොග් එකට හරි වෙබ්සයිට් එකට හරි එන අය ගැන ගොඩක් දේවල් අපට බලාගන්න පුලුවන්.ඇත්තම කිව්වොත් මේකෙන් අපට අපෙ වෙබ්සයිට් එකට එන අයගේ IP-Address, Browser, Operating System, Connection Speed, ISP, Connection Type, Screen Resolution,Java Support, Flash Support,Physical Location වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.මේ සඳහා ඔබ මුලින්ම ගූග්ල් ඇනලයිටික්ස් වල රෙජිස්ටර් වෙන්න ඕන.ඒ සඳහා ඔබගේ G-mail Username,Password භාවිතා කරන්න පුලුවන්.දැන් මේ පින්තූරවල තියෙන විදියට ඔබගේ අඩවියත් එක් කරන්න.(තාම ජීමේල් වල රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතනින් රෙජිස්ටර් වෙන්න)(පින්තූර අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)


    ඉස්සෙල්ලම Add Website Profile ක්ලික් කරන්න

    දැන් ඔබගේ අඩවියේ URL එක සහ ඔබගේ රට තෝරා දෙන්න


    දැන් මේ කෝඩ් එක කොපි කරගන්න



    දැන් ඔබට මේ ලැබෙන කෝඩ් එක ඔබගෙ අඩවියට ඇතුලත් කරගන්න ඕන.ඒ සඳහා ඔබගේ අඩවියේ HTML කෝඩ් එඩිටරය වෙත පිවිස </head> කියන කෝඩ් කෑල්ල හොයාගන්න (මේ සඳහා Ctrl + F යොදාගන්න පුලුවන් )දැන් ඒ කෝඩ් එකට උඩින් ඔබට ඇනලයිටික්ස් වලින් ලැබුනු කෝඩ් එක පේස්ට් කරගන්න.දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න.



    ඊලඟට ඇනලයිටික්ස් වලට ගිහිල්ලා කෝඩ් එකට යටින් තියෙන Save and Finish බට්න් එක ක්ලික් කරන්න.දැන් ඒකෙ ඩෑශ්බෝඩ් එකට ඔබව රීඩිරෙක්ට් වෙයි.ඒකෙ මෙන්න මෙහෙම ඇති.




    මේකේ තියෙන මේ සලකුනෙන් (Amazing Sign) කියවෙන්නේ තාම කෝඩ් එක ඇතුලත් කරලා නෑ කියලයි.ඒකට බයවෙන්න එපා. සාමාන්‍යයෙන් කෝඩ් එක ඇතුලත් කරලයි කියල දැනගන්න ගූග්ල්ලට පැය 24 විතර යනවා.ඊට පස්සේ ඒ සලකුන කොලපාට හරියකට හැරේවි.මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන ඊලඟ ලිපියෙන් කියන්නම්.අදට යනවා.ප්‍රශ්නයක් තිබුනොත් කමෙන්ට් කරන්න බයවෙන්න එපා.

    |


  2. 8 comments:

    1. එල එල......මචෝ.........

    2. pradeep said...

      meke srilankawa nahane ban

    3. @ර ත් ග ම යා
      කමෙන්ට් එකට තැන්කූ වේවා!

      @pradeep
      නැත්තෙ මොකෝ ශ්‍රී ලංකාව තියෙනවා.මගේ පින්තූරෙ බලන්න.නැත්නම් S අකුර ඔබාගෙන ඉඳලා බලන්න.

    4. ෂා මචෝ මේක නියමයි මගේ බ්ලොග් එක ලගඳී හැදුවේ මේවා මම හොයමින් හිටියේ අනේක වාරයක් පිං

    5. මගේ බ්ලොග් එක හැදුවෙත් මේ ඊයෙ පෙරේදා ඔයාගේ බ්ලොග් එකේ තියෙන දේවල් මට ඉස්සරහට ගොඩක් ප්‍රයෝජන වේවි.

    6. @හිස් අහස
      තැන්කූ වෙන්න ඕන කමෙන්ට් කරාට

      @JHOTHISHALANKA
      ඔයාටත් බොහොම ස්තූතියි කමෙන්ට් කරාට

    7. This is great machan. I spend many days to find out this. I did google several times to find out these details. Great machan

    Post a Comment