Rss Feed
  1. කොහොමද ඔයාලට? අද මම කියන්න යන්නේ දැනටමත් උබුන්ටු ස්ථාපනය කරලා තියෙන පරිගනකයක් LTSP සර්වරයක් බවට පත් කරගන්නා ආකාරයයි. ඒ සඳහා මුලින්ම සර්වර් පරිගණකයේ ටර්මිනල් එක විවෘත කරගන්න. දැන් මෙහෙම ටයිප් කරන්න.

    sudo apt-get install ltsp-server-standalone openssh-server




    අවශ්‍ය තැන්වලදී පාස්වර්ඩ් එක ලබාදෙන්න.ඊලඟට ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරන්න.

    sudo ltsp-build-client

    දැන් පරිගනකය LTSP සඳහා සක්ස්වෙනවා. සාමාන්‍යයෙන් මෙකට විනාඩි 45ක් විතර යනවා.හදිස්සියෙවත් මේක වෙවී තියෙනකොට කරන්ට් ගොයොත් හරි වෙන මොකක් හරි වෙලා ටර්මිනල් එක ක්ලෝස් වුනොත් එහෙම ඊලඟ පාර මේක කරන්න ගියාම මෙහෙම එරර් එකක් එනව



     එතකොට ඉතින් කරන්න තියෙන්නේ Alt+F2 ගහලා gksudo nautilus කියල ටයිප් කරලා opt \ ltsp ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන i386 කියන ෆෝල්ඩර් එක ඩිලීට් කරන්න.



    මේක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන. නැත්නම් වෙනත් ෆෝල්ඩර්ස් එහෙම ඩිලීට් වුනොත් සිස්ටම් එක වැඩ නොකර යන්න පුලුවන් :)s. ඒ හින්ද හොඳම දේ තමයි Client එක හදනකොට UPS එකක් පාවිච්චි කරන එක.මේක වෙලා ඉවර වුනාට පස්සේ ඔයාට තියෙන්නේ පරිගනක ටික හරියට නෙට්වර්ක් කරගන්න එක.මේ සඳහා නෙට්වර්ක් ස්විච් එකක් යොදාගන්න පුලුවන්.


    දැන් ටර්මිනල් පරිගණකවල BIOS එකට ඇතුල්වෙලා ඒවයේ නෙට්වර්ක් බූට් එනේබල් කරන්න.දැන් ඔක්කොම ටික හරි.ඔයගොල්ලෝ ඔක්කොම දේවල් ටික හරියට කලානම් දැන් සර්වර් එක දාලා තියෙන වෙලාවට ටර්මිනල් පරිගණක නෙට්වර්ක් එක හරහා බූට් වෙන්න ඕන.මේ ටර්මිනල් පරිගණක වලට හාඩ් ඩිස්ක් අවශ්‍ය වෙන්නේ නෑ.කෙලින්ම සර්වර් එක හරහා තමයි වැඩ කරන්නේ.සර්වර් පරිගනකයේ ස්ථාපනය කරලා තියෙන ඕනම මෘදුකාංගයක් ටර්මිනල් පරිගණක හරහාත් භාවිතා කරන්න පුලුවන් :D .

    අදට නම් ඔච්චරයි.මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනොත් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න.එහෙනම් ගියා.
    |


  2. අද මම කියන්න යන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන පරන මැෂින් දැන් කාලෙ තියෙන එකක් වගේ බල ගන්වන හැටි.මේකට තිබිය යුතු මූලික අවශ්‍යතාවයන්නම් මෙහෙමයි.

    ⋆ ඉස්සෙල්ලම තියෙන්න ඕන ටිකක් විතර අලුත් පීසී එකක්. මේක ඩුවල් කෝ විතර තිබ්බම ඇති.ඒකෙ නෙට්වර්ක් පෝට් දෙකක් තියෙන්න ඕන (එකක් අන්තර්ජාලයට පිවිසෙන්න,අනෙක් එක නෙට්වර්ක් ස්විච් එකට )

    ⋆ ඊට පස්සේ නෙට්වර්ක් ස්විච් එකක් තියෙන්න ඕන.

    ⋆ අන්තිමට පරණ පරිගනක අවම වශයෙන් එකක් තියෙන්න ඕන.

    මට මුලින් කියන්න අමතක වුනා.මේ ක්‍රමය වැඩකරන්නේ ලිනක්ස් මත, ඒ නිසා වින්ඩෝස් ඔන්ලි අය වහාම මේක කියවීම නවත්වන්න. (එහෙම කිව්වට ඉතින් මේක කියවල කොමෙන්ටුවකුත් දාලම යන්න හොඳේ :D )

    දැන් අපි මේ පරිගනක ඔක්කොම ටික මේකට ගැලපෙන විදියට සකස් කරගන්න ඕන.අපි ඉස්සෙල්ලම ගමු අලුත් පරිගනකය.මේකට දැන් ඉඳන් කියන්නේ සර්වර් පරිගණකය කියල.දැන් මේකට අපි මොකක් හරි ලිනක්ස් LTSP සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේ සඳහා මම නම් යොදා ගත්තේ උබුන්ටු LTSP එක.ඒ මොකද කිව්වොත් මම දැනටමත් පාවිච්චි කරන්නේ උබුන්ටු.උබුන්ටු ආයෙත් ඉන්ස්ටෝල් කරන් නැතිව දැන් තියෙන එකම LTSP සර්වරයක් කරගන්න පුලුවන් නිසා මම ඒකම පාවිච්චි කලා. (මෙහෙම කරන හැටි මම අන්තිමට කියන්නම්) ඉස්සෙල්ලම මෙන්න මෙතනින් බාගත කරගන්න උබුන්ටු 10.04 (අලුත්ම වර්ශන් එක වන 10.10 තාම LTSP සඳහා සහය පලකරන්නෙ නෑ.ඒක ආවම මේක අලුත් කරන්නම්) දැන් මේ බාගත කරගත්ත ISO ඉමේජ් එක CD එකකට බර්න් කරගන්න (ඉමේජ් බර්න් කරන්න දන්නේ නැත්නම් මෙතන ක්ලික් කරන්න) දැන් මේ CD එකෙන් සර්වර් එක බූට් කරගන්න. දැන් මේ පහල තියෙන තිරය ආවම F4 ඔබන්න.එතකොට ඔය යටින් තියෙන මෙනු එක ඒවි.ඒකෙ තියෙන "Install an LTSP Server" කියන විකල්පය තෝරන්න.දැන LTSP සර්වර් එක ඔබේ පරිගණකයට ස්ථාපනය වේවි.(පින්තූර අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)




    අදට ඔය ටික ඇතිවේවි කියල හිතනවා.LTSP ගැන සිංහල විකිපීඩියා පැහැදිලිකිරීම මෙතනින් බලාගන්න පුලුවන්.දැනට උබුන්ටු තියෙන පරිගණකයකට LTSP දාන හැටි ඊළඟ ලිපියෙන් කියන්නම්.එහෙනම් ඉතින් ගියා. (කියවල නිකන් යන්නේ නැතුව කොමෙන්ටුවකුත් දාන්න හොඳේ :D )



    |


  3. කොහොමද කස්ටියට?ඔන්න මම අද ආවේ ඇනලයිටික්ස් වල ඊළඟ කොටස ගැන පොඩි විස්තරයක් දාන්න.අපි අද බලමු මේකෙ  කියන කොටස ගැන.මේකෙ තියෙන සබ්ටොපික්ස් වල විස්තර මෙන්න මෙහෙමයි.

    Overview :- මේක අපට අවශ්‍යම වන විස්තර අරගෙන හදල තියෙනවා.

    Direct Traffic :- මෙකෙන් කියවෙන්නේ අපේ සයිට් එකට කෙලින්ම ආපු අයගේ විස්තර මෙකේ තියෙන වගුවේ  මෙනු එකෙන් අපට පුලුවන් අපෙ Direct Traffic වල විස්තර බලාගන්න.

    Referring Sites :- මෙකෙන් අපට පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවන වෙනත් සයිට්ස් බලාගන්න.



    Search Engines :- මෙතනින් පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවපු සර්ච් එන්ජින්ස්.මෙකෙ ෆිල්ටර් එක විදියට කීවර්ඩ්ස් තේරුවම අපිට බලාගන්න පුලුවන් ඒගොල්ලෝ අපෙ සයිට් එකට එන්න භාවිතා කරපු කීවර්ඩ්ස් මොනවද කියල.

    All Traffic Sources :- මෙකෙන් පෙනවන්නේ Direct Traffic, Referring Sites සහ Search Engines කියන තුනම එකතු කරලා හදපු විස්තර.



    Adwords Campaigns, Keyword Campaigns, TV Campaigns :- මේව අපට ප්‍රයෝජනවත් වෙන්නේ අපි ගූග්ල් ඇඩ්වර්ඩ්ස් භාවිතා කරලා ගූග්ල් එකේ ඇඩ්ස් දැම්මොත් විතරයි.ඒක සිංහල බ්ලොග්ස් වලට සාමාන්‍යයෙන් කරන්නේ නැති නිසා ඒක මම දාන්නේ නෑ.

    Keywords :- මෙතනින් අපට බලාගන්න පුලුවන් කට්ටිය අපෙ බ්ලොග් එක හොයාගන්න භාවිතා කරන ලද කීඉවර්ඩ්ස් මොනවද කියලා.

    Campaigns :- මෙතනින් අපට බලාගන්න පුලුවන් සින්ඩිකේටර්ස් එහෙම කැම්පේන්ස් හරහා අපේ බ්ලොග් එකට එව්ව කට්ටිය.

    Ad Versions :- මේකෙන් අපට බලාගන්න පුලුවන් ෆී වෙබ් ඩිරෙක්ටරි වලින් සහ ෆීඩ් බර්නර් වගේ ඒවයින් අපේ බ්ලොග් එකට ආව කට්ටිය ගැන.

    අදට ඔය ඇති කියල හිතනවා.ප්‍රශ්න තිබුනොත් කොමෙන්ට් කරන්න හොඳේ :D!
    |


  4. මේක කියවන්න ඉස්සරවෙලා පලවෙනි ලිපිය මෙතනින් කියවල ඉන්න.


    ඔන්න දැන් ඇනලයිටික්ස් වල කෝඩ් එක දාගත්ත අයගෙන් ගොඩක් දෙනාගේ ඩෑශ්බෝඩ් එකේ කොලපාට හරියක් ඇති.(මෙන්න මේ වගේ  )ඒ කියන්නේ කෝඩ් එක හරියට අපේ බ්ලොග් එකට ඇතුලත් වෙලා කියන එකයි.දැන් තියෙන්නේ විස්තර බලාගන්න.මේකේ ඔයාගේ සයිට් නේම් එකට ඉස්සරහින් තියෙන View Stats කියල ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකේ විස්තර බලාගන්න.ඔය උඩින්ම තියෙන වගුවෙන් පෙන්නන්නේ සයිට් එකට ආව කට්ටිය.ඕනනම් මේ වගුවෙන් පෙන්නන දේ වෙනස් කරන්න පුලුවන් වගුවේ වම් පැත්තෙ උඩ තියෙන මෙනු එක පාවිච්චි කරලා.ඊට යටින් තියෙන සයිට් යූසේජ් කියන එකේ තියෙන දේවල තේරුම් මෙන්න මෙහෙමයි.

    1) Visits ආව කට්ටිය

    2) PageViews - ඒගොල්ලෝ බැලුව පේජස් ගාන

    3) Pages/Visit - Visits, Pageviews වලින් බෙදුවාම එන ගාන (ඒ කියන්නේ එක විසිටර් කෙනෙක් බලපු පේජස් ගාන)

    4) Bounce Rate - අපේ සයිට් එකට ඇවිල්ල අපේ සයිට් එක හරහා වෙන සයිට් වලට යන කට්ටිය (මේක ගනනය කරන්නේ මෙහෙමයි Bounce Rate = Total Number of Visits Viewing Only One Page / Total Number of Visits )

    5) Avg. Time on Site - අපේ සයිට් එකට එන කට්ටිය සයිට් එකේ ඉන්න වෙලාව.

    6) New Visits - අලුත් විසිටර්ස්ලා ගාන



    ඊට ටිකක් යටින් ඇති Traffic Sources Overview කියල එකක්.ඒකෙ තියෙන ඒව මෙන්න මෙහෙමයි,
    Referring Sites කියන්නේ වෙන සයිට් එකක තියෙන ලින්ක් එකක් ක්ලික් කරලා අපේ සයිට් එකට ආව ප්‍රතිශතය.
    Direct Traffic කියන්නේ කෙලින්ම අපේ වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරලා අපේ සයිට් එකට ආව ප්‍රතිශතය.
    Other කියන්නේ වෙනත් ක්‍රමවලින් අපේ සයිට් එකට ආව කට්ටිය.


    දැන් අපි බලමු මේකෙ වම් පැත්තේ මෙනු එකේ තියෙන කියන එක.ගූග්ල් Intelligence කියන්නේ ගූග්ල්ලා ඇනලයිටික්ස් වලට දාපු අලුත්ම තාක්ෂනය.මේකෙන් කෙරෙන්නේ අපේ එක් එක් දිනවල ලැබුනු දත්ත සන්සන්දනය කරල යම්කිසි වෙනස්වීමක් (උදා:-විසිටර්ස්ලාගේ හදිසි අඩුවීමක්) දක්නට ලැබුනොත් ඒ බව අපට දන්වන එකයි.

    දැන් අපි බලමු විසිටර්ස් කියන එක. මේකෙන් අපට බලන්න පුලුවන් අපේ සයිට් එකට ආපු අයගේ විස්තර.මේකෙ තියෙන එක එක ඒවයින් කෙරෙන්නේ මෙන්න මේවයි.

    1) Overview :-මෙකේ අපට වැඩිපුරම අවශ්‍ය වන විස්තර ගෙන සාදා ඇත.

    2) Map Overlay :-මෙකේ අපට බලන්න පුලුවන් අපේ විසිටර්ස් ලගේ Physical Location එක.

    3) New vs. Returning :-මේකෙන් පෙන්වන්නේ අපෙ සයිට් එකට ආපු අලුත් අයයි පරන අයයි අතර සන්සන්දනයක්.

    4) Languages :-මේකෙ අපට බලන්න පුලුවන් අපෙ සයිට් එකට ආපු අයගේ කීබෝඩ් ලේඅවුට් එක ගැන

    5) Visitor Trending :-මේකෙ පෙන්වන්නේ විසිටර්ස් ලගේ ක්‍රියාකාරකම්

    6) Visitor Loyality :-මේකෙන් අපට බලාගන්න පුලුවන් විසිටර්ස්ලා අපෙ සයිට් එකේ හිටපු වෙලාවන් අතර සන්සන්දනයක්

    7) Browser Capabilities :-මේකෙන් අපට බලාගන්න පුලුවන් විසිටර්ස්ලගේ Web Brower වල විස්තර

    8) Network Properties :-මේකෙන් අපට බලාගන්න පුලුවන් අපේ විසිටර්ස්ලගේ නෙට්වර්ක් කනෙක්ෂන් ගැන විස්තර.

    9) Mobile :-මේකෙන් බලාගන්න පුලුවන් අපෙ සයිට් එකේ මොබයිල් බ්‍රවුසින් ගැන.

    User Defined, Custom Variables කියන දෙකනම් අපට එච්චර වැදගත් වෙන්නේ නෑ.

    අදට මේ ඇති කියල හිතනවා. ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ගියා :))!
    |


  5. කොහොමද ඔයාලට?අද මම ලියන්න හිතුවෙ ඔයගොල්ලෝ ගොඩක් දෙනා පාවිච්චි කරන දෙයක් ගැන.ඒ තමයි ගූග්ල් ඇනලයිටික්ස්.මේක ගොඩක් අය පාවිච්චි කරාට මේකෙ වැඩ ගැන දන්න අය ඉන්නේ බොහොම ටිකයි.මේක පාවිච්චි කරල අපට අපේ බ්ලොග් එකට හරි වෙබ්සයිට් එකට හරි එන අය ගැන ගොඩක් දේවල් අපට බලාගන්න පුලුවන්.ඇත්තම කිව්වොත් මේකෙන් අපට අපෙ වෙබ්සයිට් එකට එන අයගේ IP-Address, Browser, Operating System, Connection Speed, ISP, Connection Type, Screen Resolution,Java Support, Flash Support,Physical Location වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.මේ සඳහා ඔබ මුලින්ම ගූග්ල් ඇනලයිටික්ස් වල රෙජිස්ටර් වෙන්න ඕන.ඒ සඳහා ඔබගේ G-mail Username,Password භාවිතා කරන්න පුලුවන්.දැන් මේ පින්තූරවල තියෙන විදියට ඔබගේ අඩවියත් එක් කරන්න.(තාම ජීමේල් වල රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතනින් රෙජිස්ටර් වෙන්න)(පින්තූර අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)


    ඉස්සෙල්ලම Add Website Profile ක්ලික් කරන්න

    දැන් ඔබගේ අඩවියේ URL එක සහ ඔබගේ රට තෝරා දෙන්න


    දැන් මේ කෝඩ් එක කොපි කරගන්න



    දැන් ඔබට මේ ලැබෙන කෝඩ් එක ඔබගෙ අඩවියට ඇතුලත් කරගන්න ඕන.ඒ සඳහා ඔබගේ අඩවියේ HTML කෝඩ් එඩිටරය වෙත පිවිස </head> කියන කෝඩ් කෑල්ල හොයාගන්න (මේ සඳහා Ctrl + F යොදාගන්න පුලුවන් )දැන් ඒ කෝඩ් එකට උඩින් ඔබට ඇනලයිටික්ස් වලින් ලැබුනු කෝඩ් එක පේස්ට් කරගන්න.දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න.



    ඊලඟට ඇනලයිටික්ස් වලට ගිහිල්ලා කෝඩ් එකට යටින් තියෙන Save and Finish බට්න් එක ක්ලික් කරන්න.දැන් ඒකෙ ඩෑශ්බෝඩ් එකට ඔබව රීඩිරෙක්ට් වෙයි.ඒකෙ මෙන්න මෙහෙම ඇති.




    මේකේ තියෙන මේ සලකුනෙන් (Amazing Sign) කියවෙන්නේ තාම කෝඩ් එක ඇතුලත් කරලා නෑ කියලයි.ඒකට බයවෙන්න එපා. සාමාන්‍යයෙන් කෝඩ් එක ඇතුලත් කරලයි කියල දැනගන්න ගූග්ල්ලට පැය 24 විතර යනවා.ඊට පස්සේ ඒ සලකුන කොලපාට හරියකට හැරේවි.මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන ඊලඟ ලිපියෙන් කියන්නම්.අදට යනවා.ප්‍රශ්නයක් තිබුනොත් කමෙන්ට් කරන්න බයවෙන්න එපා.

    |


  6. කොහොමද කස්ටියට? දැන් තමයි කාලෙකට පස්සේ බ්ලොග් එකේ මකුලුදැල් හෙම කඩලා ආයෙ බ්ලොග් කිරිල්ලට ආවේ.මොකද මේ දවස්වල මම මාර ට්‍රයි එකක් දීල සිංහලබ්ලොගර් සින්ඩියට බ්ලොග් එක දාගත්තා:)).අලුත් ටෙම්ප්ලේට් වගේකුත් හොයලා හිතට හරියන එකක් තිබ්බේ නැති හින්දා පරණ එකේම තියෙන්න ඇරියා :)m.අද මම ලියන්න ආවේ ඔයගොල්ලන්ට ඕන කරන ගිෆ් ඉමේජ් එහෙම හදන්න ලේසි ක්‍රමයක් ගැන.ගොඩක් අය මේක දන්නවත් ඇති නැති අයට දැනගන්න කියලා ලියන්නම්කෝ.මේකෙන් ටෙක්ස්ට් මැද්දට දාලා ලස්සන ගිෆ් පින්තූර හදාගන්න පුලුවන්.මේ තියෙන්නේ එහෙම හදාගත්තු පිංතූර දෙක තුනක්.




    කොහොමද මරු නේද :D?මෙහෙම පිංතූර හදාගන්න ඕනනම් මෙතන්ට යන්න.



    |


  7. ඔන්න ඉතින් මටත් ඔය හැමෝටම වගේ පොඩි පොඩි ආසාවන් තියෙනවා.මේ පොඩි ආසාවල් අතරින් ටිකක් විතර ලොකු හීනයක් තමයි ඊබේ එකෙන් මොකක් හරි ගන්න එක.ඒත් ඉතින් සල්ලි තමයි ප්‍රශ්නේ :)m.Onbux Neobux වලින් නම් සල්ලි හම්බවුනාට ඒව ලැබෙන්නේ Alertpay එකටනේ.ඊබේ එක අනුමත කරන්නේ paypal විතරයි.(හැමෝම දන්නවා ඇතිනේ ලංකාවෙ පේපැල් එකවුන්ට් වලට සල්ලි ගන්න බෑ කියල).අන්තිමට ඉතින් මේ බ්ලොග් අවකාශේ තිබුන එක බ්ලොග් එකක්.ඒ බ්ලොග් එකේ තමයි "ධනිකගේ සිතිවිලි" ඒකෙ තිබුන පොඩි කාඩ් එකක් ගැන.ඒ කාඩ් එක තමයි සම්පත් වෙබ් කාඩ් එක.


    ඉතින් මට මාර හැපී :D.ඊලඟ දවසෙ සම්පත් බැන්කුවට දුවලා ගිහින් ඇප්ලයි කරා වෙබ් කාඩ් එකකට.දැන් ඉතින් ඇඟිලි ගැන ගැන ඉන්නවා කාඩ් එක එනකන්.ආවට පස්සේ තව ලියන්නම්කෝ.ඔයගොල්ලොත් මේ කාඩ් එකේ වාසි අවාසි ගැන දන්නවනම් ඒ ගැන අදහසක් පලකරන්න හොඳේ :D!
    |


  8. අද මම ලියන්න හිතන් ඉන්නෙ ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් වෙබ්සයිට් කීපයක් ගැනයි.මේ තියෙන්නේ ඒව ටික

    1)tempalias.com
    මේකෙන් ඔයගොල්ලන්ට පුලුවන් තාවකාලික ඊමේල් එකක් හදා ගන්න.ඊට පස්සේ ඒ ඊමේල් එක වැඩිය විශ්වාස නැති වෙබ් අඩවිවලට දෙන්න පුලුවන් ඇත්ත එක වෙනුවට.



    මේකට මෙතනින් යන්න.

    2)favicon.cc
    මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ බ්ලොග් එකට හරි වෙන සයිට් එකටැ හරි ෆැවිකොන් එකක් හදාගන්න.මේකෙන් අපි ලඟ තියෙන ෆැවිකොන් එකක් වුනත් එඩිට් කරන්න පුලුවන්.


    මේකට යන්න ඕනනම් මෙතන ඔබන්න

    3)Luxand Blink!
    මේකෙන් ඔයගොල්ලන්ට පුලුවන් කොම්පියුටරේ පාස්වර්ඩ් එක විදියට ඔයාලගේ මූන යොදාගන්න.හැබැයි මේක පාවිචිච් කරන්නනම් ඕඑස් එක විස්ට හරි 7 හරි වෙන්න ඕන ඊට අමතරව වෙබ්කැම් එකක් තියෙන්න ඕන :D.

    මේකට මෙතනින් යන්න.

    4)PDF Finder
    මේක ප්ද්ෆ් සර්ච් එන්ජින් එකක් මේකෙන් ඔයාලට කිසි ගේමක් නැතිව ජංජාල ජාලේ තියෙන ඕනම PDF ෆයිල් එකක් හොයා ගන්න පුලුවන්.


    මේකට මෙතනින් යන්න.

    5)youserials.com
    මේ සයිට් එකේ දැනට තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් වල සීරියල්ස් තියෙනවා.ඇක්ටිව් කරගන්න ඕන සොෆ්ට්වෙයාර් තියෙනවනම් මේක ප්‍රයෝජනවත් වෙයි.


    මේ සයිට් එකට මෙතනින් යන්න.

    6)Scam PTC Site List
    මේකනම් වෙබ්සයිට් එකක් නෙවෙයි.මේ ලිස්ට් එකේ තියෙනවා දැනට හොයාගත්ත හොර PTC සයිට් 650කට වැඩිය.මේ ලිස්ට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

    මේක කියවල නිකන් යන් නැතුව කොමෙන්ට් එකකුත් දාන්න :D.
    |