Rss Feed
  1. ඔන්න අද කාලෙකට පසුව ලිපියක් ලියන්න හිතුනා.අද මම ලියන්නේ ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියල හිතන සොෆ්ට්වෙයාර් කෑලි කීපයක් ගැනයි.මේ තියෙන්නේ ඒ සොෆ්ට්වෙයාර් ටික

    1)Format Factory
    මේකෙන් ඔයගොල්ලන්ට ඕනම Extension එකක වීඩියෝ,ඕඩියෝ සහ පින්තූර වෙන Extension එහෙකට Convert කරගන්න පුලුවන්.මේකෙන් DVD එහෙම රිප් කරගන්නත් පුලුවන්.මේ තියෙන්නේ ඒක සපෝට් කරන Extension ටික

    වීඩියෝ - MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
    ඕඩියෝ - MP3/WMA/AMR/OGG/AAC/WAV.
    පොටෝස් - JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.



    Format Factory මෙතනින් බාගත කරගන්න

    2)KGB Archiver
    මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට නිකන් මොකක්ද වගේ ෆයිල් Compress කරන්න පුලුවන්.හරියටම කිව්වොත් ෆයිල් එකේ ඔරිජිනල් සයිස් එක 19.8% දක්වා අඩු කරන්න පුලුවන්.හැබැයි මේ බලය නිසාම මේක වැඩ කරන්න ටිකක් බලවත් පරිගනකයක් ඕන වෙනවා.(1.5 Ghz Processor with 256MB RAM) මේ තියෙන්නේ ඒකෙ Screenshot ටිකක්


    KGB Archiver මෙතනින් බාගත කරගන්න

    3)CCleaner
    මේකෙන් අපේ පරිගනකයේ අනවශ්‍ය Files අනවශ්‍ය Registry Values එහෙම Delete කරල පරිගනකයේ Speed එක හොඳ මට්ටමක පවත්වා ගන්න පුලුවන්.මේකත් අනෙක් ඒවා වගේම opensource එකක්.මේ තියෙන්නේ Screenshot ටිකක්.

    CCleaner මෙතනින් බාගත කරගන්න.
    කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
    |


  2. 2 comments:

    Post a Comment