Rss Feed
  1. කොහොමද කස්ටියට?හොඳින් ඇති කියලා හිතනවා.මේ පොස්ට් එක ලියන්න හිතුනේ මෙහෙමයි.අද මගේ යාලු මාලුවෙක් Green AV කියල ඇන්ටිවයිරස් එකක් බාගත කරගෙන ඉන්ස්ටෝල් කර ගෙන පරිගනකයට පොඩි ස්කෑන් පාරක් දීලා. මෙන්න බොලේ ඒකෙන් Virus 9852 තියෙනවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා :)f!මෙයා (මෙයා කිව්වට මාත් එතන හිටියා) කරලා තියෙන්න Remove all බට්න් එකට වැඩේ දීලා (ඒ කියන්නේ ක්ලික් කරලා)මෙන්න ඒපාර කියනවා වයිරස් අයින් කරන්න නම් ඒගොල්ලගේ ලයිසන් එක ගන්න ඕනලු.ලයිසන් එක $124.99 වෙනවා.(ලාබයි නේ :D )මට ඉතින් ටක්කෙට දැනුනා මේක Scareware ම තමයි කියලා.කෝකටත් කියලා ගූග්ල් දෙය්යගේ සර්ච් පාරක් දාලා බැලුවා.මෙන්න ආව පලවෙනි රිසල්ට් එක


    "Need help removing "Green AV" program that has installed ?"  :)t

    ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ. දන්න ඔක්කොම වැඩ දාල යන්තම් ඒක අයින් කර ගත්තා.ඊට පස්සෙ එයාට MSE එකත් දාල දීල ආව.මම දැන් කියන්න ආව එක කිව්වෙ නෑනෙ.මෙන්න මේකයි කියන්න ආවේ.ඔයගොල්ලන්ට දැනගන්න ඕනනම් ඔයාලගේ ඇන්ටිවයිරස් එක හරියට වැඩකරනවද කියලා මෙන්න මේකයි කරන්න ඕන.ඉස්සෙල්ලම නෝට්පෑඩ් Open කරගන්න. දැන් මේ පහල තියෙන කෝඩ් කෑල්ල නෝට්පෑඩ් එකේ Paste කරගන්න.

    X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

    ඊටපස්සේ ඒක eicar.com කියල Save කරගන්න.දැන් ඒ eicar.com කියන File එක ඇන්ටිවයිරස් එකෙන් ස්කෑන් කරන්න.එතකොට ඇන්ටිවයිරස් එකෙන් පෙන්නන්න ඕන මේක Virus එකක් කියලා.එහෙම පෙන්නනවානම් ඔයාගේ ඇන්ටිවයිරස් එක වැඩ :)).නැතිනම් ඉතින් වෙන එකක් දාගන්න වෙයි :)m.අදට ඇති කියලා හිතෙනවා.කියවලා නිකන් යන් නැතුව Comment එකක් දාන්න.සුබ දවසක්!

    |


  2. 9 comments:

    1. Anonymous said...

      Mama eka karala save kara vitharaii eeka වයිරස් ekak kiyala ahu una...

    2. @Anonymous
      එහෙනම් ඉතින් ඔයාගේ වයිරස් ගාඩ් එක වැඩ :D කමෙන්ට් කරාට ස්තූතියි.

    3. එල එල මගේ එක වැඩ...!!!!!!!!!!1

    4. දුකා said...

      good post . . tnx a lot . . i will try this tonight . . tnx again .. .

    5. Rangitha said...

      මොකක්ද එහෙම වෙන්න හේතුව?

    6. @Rangitha
      මේක වයිරස් එකක ලක්ෂන තියෙන ටෙස්ට් ෆයිල් එකක්.

    7. වැඩ වැඩ මගේ එකත් වැඩ file එකට code එක copy කරලා save කරලා එහෙ බලලා මෙහෙ බලන්න කලින් මකලා දැන්මා. කොටින්ම කිව්වොත් rename කරන්නවත් වෙලාවක් හම්බ උනේ නැ. මගේ virus gard එක ESET එයේ රැ update එක.

    8. Anonymous said...

      Maxxaa machan, ela...!!!

    9. Anonymous said...

      ane ban mage avest ekata ahu wenne naaaaaaaaaaaaaa

    Post a Comment