Rss Feed

  1. අද මම කියන්න හදන්නේ වින්ඩෝස් Registry එකේ පොඩි වෙනස්කමක් කරලා Windows Media Player එකේ Title Bar එකට ඔබගේ නම දාන්නේ කොහොමද කියලයි.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.ඉස්සෙල්ලම Start තුලින් Run එක අරගෙන එකේ regedit.exe කියල ටයිප් කරල Enter කරන්න.දැන් Registry එක එයි එකේ HKEY_CURRENT_USER ඉදිරියේ ඇති + ලකුන ක්ලික් කරන්න.එවිට අනෙක් "Keys" දිස්වන අතර එවායේ පිලිවෙලින් Software ඉදිරියේ ඇති + ලකුනද, Software තුල ඇති Policies ඉදිරියේ ඇති + ලකුනද ක්ලික් කරන්න.ඉන්පසු ඒ තුල ඇති Microsoft යන key එක මත Right Click කර "New Key"යන්න තෝරන්න
    .

    දැන් අලුතින් Key එකක් ඇතිවී තිබෙනු ඇති,එය WindowsMediaPlayer ලෙස හිස්තැන් නොතබා ටයිප් කරන්න.
    දැන් එම Key එක Select කරන්න.එම Key එක තුල Default යනුවෙන් String value එකක් තිබෙනු ඇත.එම Value එකට යටින් Right Click කර "New String value" තෝරන්න.දැන් මතුවන අලුත් String value එක Titlebar ලෙස Rename කරන්න.

    දැන් එම Value එක මත Double click කර ValueData යන ස්ථානයට අවශ්‍ය නමක් ලබා දෙන්න.දැන් Computer එක Restart කර බලන්න.මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනොත් යටින් කොමෙන්ට් කරන්න.
    |


  2. 0 comments:

    Post a Comment