Rss Feed
  1. ඔයගොල්ලො දැකල ඇති අපි සමහර වෙබ්සයිට් වල රෙජිස්ටර් වෙනකොට නැත්නම් ඒවයෙ තියෙන offers complete කරන්න යනකොට මැසේජ් එකක් වැටෙනවා මෙහෙම"‍Your country or terrority does not support for this offer"එහෙමත් නැත්නම් offers තියෙන තැන එක offer එකක්වත් නෑ.මේකට හොඳම උදාහරනය තමයි,මූනුපොතේ තියෙන "Barn Buddy" වගේ Game වල Credits ගන්නනම් offers complete කරන්න ඕන.ඒ වුනාට offers තියෙන තැන එක offer එකක්වත් නෑ (රූපය බලන්න).


    මේවට තියෙන විසඳුම තමයි "Proxy Server"එකක් භාවිතා කරන එක.proxy server එකකින් කරන්නේ අපි ඉන්න තැන වෙබ් අඩවියට හංගන එක.උදාහරනයක් විදියට අපි ලංකාවෙ තියෙන පරිගනකයකින් proxy server එකක් හරහා මූනුපොතට ගියොත් මූනුපොත හිතන්නෙ අපි ඉන්නෙ ඇමරිකාවෙ හරි වෙන රටක හරි කියලා (මේ රට proxy server එක මත වෙනස්වේ. එමෙන්ම proxy server එකේ settings මතත් මෙය රඳා පවතී).එතකොට අර offers ලිස්ට් එකේ offers සෑහෙන්න තියෙන්න ඕන.ඒකට හේතුව මට මුලින් කියන්න අමතක වුනානේ.ඒකට හේතුව තමයි මේ offers මූනුපොත ලබාගන්නේ පෞද්ගලික ආයතන වලින්(Microsoft,Intel වැනි)ඒ offer එක ලබාදෙනකොට දැන්වීම්කරුවා මූනුපොතට දැනුම්දෙනවා මේ offer එක ලබාදිය යුත්තේ අහවල් රටට විතරයි,මේ රටට විතරයි කියලා.එතකොට අපිට එම offer එක නැතිවී යනවා.අපි proxy server එකකින් යනවිට අපි බොහොවිට යන්නේ ඇමරිකාව වැනි රටක ඉඳගෙනයි. ඇමරිකාව වගේ රටකට බොහොවිට සෑම offer එකක්ම පාහේ වැඩකරනවා.

    Proxy services ලබාදෙන website බොහෝ ඇතත් එවායින් වැඩි හරියක් මුදල් අයකරනවා.නමුත් නොමිලේ ලබාදෙන ඒවත් තියෙනවා.මම ඔයගොල්ලන්ට නොමිලේ proxy services දෙන website කීපයක් දෙන්නම්.කැමති එක තෝරගන්න.

    Ultrasurf
    www.ultrareach.com
    Hotspotshield
    www.hotspotshield.com
    Megaproxy
    www.megaproxy.com/freesurf/

    (Megaproxy ටිකක් වෙනස්.මේකෙ තියෙන වෙනස තමයි මේකෙ මොකක්වත් බාගත කරගැනීමට අවශය්‍ය නොවීම කෙලින්ම ඒකෙ තියෙන Address bar එකේ යන්න ඕන URL (Eg:-facebook.com) එක ටයිප් කරා ගියා.)
    |


  2. 0 comments:

    Post a Comment